'කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින්' මගඩියේ වරද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න වෙත පවරා ඔහුව සභාපති

ධුරයෙන් ඉවත් කිරීමේ සුදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මහාචාර්ය එස්.ඩී.ජයරත්න වෙනුවට වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සභාපති ධුරයට පත්කිරීමට නියමිත බවද අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මිට ඉහතදී ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

කෙසේවුවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අරගල වකවානුවේ ගෝල්ෆේස් පිටිය තුළ ක්‍රියාකාරී වැඩකොටසක් ඉටුකළ අයකු බවට ලැබී ඇති චෝදනා සලකා බලා ඔහුව සභාපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ තීන්දු කර ඇතැයි ද පැවසේ.

අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කීපදෙනෙකු මගඩියට සම්බන්ධයි ?

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර 'ඉමියුනෝග්ලොබියුලින්' ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුම මෙම මගඩියට සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ.

මෙම බරපතල විෂමාචාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝම්බර් 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනු ලැබූ ලිඛිත ඉල්ලීම මත මෙම විමර්ශනය ආරම්භකර තිබිණ.

jljdfle 1ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපිය

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පසුගිය 13 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.

කෙසේවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වෙත ඉදිරිපත්කර තිබු 'බී' වාර්තාවේ සැකකරුවකු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් සඳහන් කර නොතිබිණ.

 ඖෂධ නියාමන අධිකාරියට අදාල පරිගණක පද්ධතිය බිඳ වැටීම ඖෂධ ජාවාරම් කරුවන්ගේ ගනුදෙනුවලට වාසියට හේතුවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය වී ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිශ්පාදනාගාර පිළිබඳ දත්ත, සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය අදාල නඩු විභාගය නොවැම්බර් 30 දා අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.


සබැඳි පුවත් :

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද?  ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?


ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදාහැරී අය නිදැල්ලේ !


කුඨ ලේඛන සකසා අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දැමීම සම්බන්ධව CID විමර්ශන ඇරඹේ

රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා !

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ගැටලුකාරී ඖෂධ සමාගමේ ඇණවුම් සහ ගෙවීම් අවලංගු කරයි

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්