The Leader News
BREAKING
Top Ad
පුවත්

'ෆ්‍රී ලෝයර්ස්' ගල්අඟුරු කොමිසමේ පැතිකිරිය සොයයි

T

The Leader Desk

May 14, 2026 • 4:24 PM

'ෆ්‍රී ලෝයර්ස්' ගල්අඟුරු කොමිසමේ පැතිකිරිය සොයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී.
  • එවැනි විමර්ශනයකට සිවිල් සමාජයේ සහ නීතිඥවරුන්ගේ සහාය ලැබීම වැදගත් බව විශ්වාස කරන්නේ යයිද කීර්ති තෙන්නකෝන් පැවසීය.
  • කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන තොරතුරු සහ සාක්ෂි නිසි ආකාරයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද කීර්ති තෙන්නකෝන් කීය.
  • මෙම තොරතුරු දින 7ක් ඇතුළත ලබාදෙන ලෙස 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ට ලිපියක් යවා ඇත

ඉකුත් 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත් කර ඇති මෙම කොමිෂන් සභාවට සිවිල් සමාජ සංවිධානයක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වන හෙයින් ඊට ප්‍රථම කොමිසමේ තොරතුරු ඉල්ලා සිටින බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය පවසයි

විමර්ශනයේදී කොමිෂන් සභාව මහජන විශ්වාසය, පාරදෘශ්‍යභාවය, ස්වාධීනත්වය සහ සාධාරණ ක්‍රියාපටිපාටිය ආරක්ෂා කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවද එම ලිපියෙහි සඳහන් කර ඇත

මේ අනුව කොමිෂන් සභාවේ නිල කාර්ය නියමයන් (Terms of Reference), කාර්ය පටිපාටිය (Rules of Procedure), විමර්ශන ක්‍රියාවලිය, නීතිඥ නියෝජනය, සාක්ෂිකරුවන්ගේ හිමිකම්, විභාග මහජන ප්‍රවේශය ඇතුළු කරුණු පිළිබඳව පැහැදිලි තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීම් කර ඇත

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් පැවසූවේ, කොමිෂන් සභාවේ විමර්ශනය සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුවිය යුතු බවයි. එවැනි විමර්ශනයකට සිවිල් සමාජයේ සහ නීතිඥවරුන්ගේ සහාය ලැබීම වැදගත් බව විශ්වාස කරන්නේ යයිද කීර්ති තෙන්නකෝන් පැවසීය.

කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන තොරතුරු සහ සාක්ෂි නිසි ආකාරයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද කීර්ති තෙන්නකෝන් කීය.

මෙම තොරතුරු දින 7ක් ඇතුළත ලබාදෙන ලෙස 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය ඉල්ලා ඇත.

(lankalokaya | අසේල පෙරේරා)

00001

 00002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...