ඔහු ඇප මත මුදා හරින ලෙස නියම කිරීම ද නීතියට පටහැනි බවට තීරණය කරන ලදි .
අභියාචනාධිකරණ යට ගොනු කර තිබූ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න මෙම පෙත්සම ඉදිරියේ කැඳවනු ලැබුණි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනය පැවති අවස්ථාවේදී ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය ඒ වන විට රිමාන්ඞ් භාරයට පත්කර සිටි සැකකාර කපිල වික්‍රමනායක ඇප මත මුදා හරින ලෙස දන්වා අතුරු නියෝගයක්ද නිකුත් කළේ 2024 වසරේදීය.
අභියාචනාධිකරණය ලබා දුන් එම තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණයකට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව ද එම පෙත්සම ට අදාළ ව නිකුත් කළ නියෝගය නීතියට පටහැනි බව ද එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා කළේය
මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණයක් සම්බන්ධයෙන් යම් අයෙකු අතෘප්තියට පත් වන්නේ නම් මහාධිකරණය වෙත පැවරී තිබෙන ප්‍රතිශෝධන ක්‍රියාදාමය අනුගමනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගෝපදේශයක් සපයා ඇති බව ද එහිදී පෙන්වා දෙන ලදි
එහිදී පෙත්සම්කාර වග උත්තරකරු ඇප මත මුදා හරින ලෙස නියම කිරීම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළේය
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)




