The Leader News
BREAKING
Top Ad
පුවත්

මල්වානේ ගියේ ජේ.වී.පී අන්තරේ නෙවෙයි ලු !

T

The Leader Desk

May 15, 2026 • 11:18 AM

මල්වානේ ගියේ ජේ.වී.පී අන්තරේ නෙවෙයි ලු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ඉඩම කවර කණ්ඩායමක් විසින් හෝ අත්පත් කරගෙන තිබීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බවත්, එහි අයිතිය අවසානයේ මහජනතාව සතු විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
  • අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම ස්ථානයට ගොස් තිබීම හේතුවෙන් මල්වානේ ඉඩම පිළිබඳව ජනතාව අතර නැවත උනන්දුවක් ඇතිවීම වැදගත් බව ද ඔහු පැවසීය.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තම දැනුම අනුව එම ස්ථානයට ගොස් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් සංවිධානය නොවන බවයි.
  • අන්තර් සංවිධාන දෙකක් පවතින බැවින්, ගොස් තිබුණේ තම පාර්ශ්වයට සම්බන්ධ කණ්ඩායම නොවන බවට තමා විශ්වාස කරන බව ද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ඉඩම කවර කණ්ඩායමක් විසින් හෝ අත්පත් කරගෙන තිබීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බවත්, එහි අයිතිය අවසානයේ මහජනතාව සතු විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම ස්ථානයට ගොස් තිබීම හේතුවෙන් මල්වානේ ඉඩම පිළිබඳව ජනතාව අතර නැවත උනන්දුවක් ඇතිවීම වැදගත් බව ද ඔහු පැවසීය.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තම දැනුම අනුව එම ස්ථානයට ගොස් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් සංවිධානය නොවන බවයි. අන්තර් සංවිධාන දෙකක් පවතින බැවින්, ගොස් තිබුණේ තම පාර්ශ්වයට සම්බන්ධ කණ්ඩායම නොවන බවට තමා විශ්වාස කරන බව ද ඔහු කීය.

 

කෙසේ වෙතත්, එම ස්ථානයට ගොස් තිබීම ගැටලුවක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, මල්වානේ නිවස සම්බන්ධයෙන් දැනටමත් ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බව ද සඳහන් කළේය. තාක්ෂණික කරුණු මත එම නඩුවේදී නිදොස් කොට නිදහස් වී ඇති නමුත්, එම කරුණු නැවත ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

“අයිතිකාරයෙක් නොමැති නිවසක් තිබිය නොහැකියි. අප පැවසූ පරිදි එම දේපළවල අයිතිය ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. එබැවින් අන්තර් සංවිධානය එහි ගියා ද නැද්ද යන්න අපට වැදගත් නොවේ. ඇත්ත වශයෙන්ම එසේ ගොස් තිබීමත් යම් ප්‍රමාණයකින් මේ කාරණය නැවත ජනතා අවධානයට ලක්වීමට හේතුවක් වී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ කාර්යය අපි ඉදිරියට කරගෙන යනවා,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

සාම්ප්‍රදායිකව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් මෙහෙයවනු ලබයි. එසේවුවද ඊයේ මල්වනේ විරෝධතාවය සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට (JVP) හිතවාදී ශිෂ්‍ය කණ්ඩායමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ පවසයි. මේ වනවිට ආණ්ඩුව කරන්නේ තමන් බව ජවිපෙට අමතකවී ඇතැයි ද ඔහු කියා සිටියි.  

 

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ, වර්තමාන රජයට හිතවාදී ශිෂ්‍ය සංගමයක් ලවා මෙම දේපළ වටලා එය රජයට පවරා ගැනීමට අවශ්‍ය ජනතා ඉල්ලීම සහ සදාචාරාත්මක පදනම කෘත්‍රිමව සකස් කිරීමට මෙහිදී උත්සාහ කර ඇති බවයි.

සිදුවීමේ පසුබිම:

දේපළෙහි තත්ත්වය:
මල්වානේ පිහිටි මෙම නිවස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා එල්ල වූවකි. කෙසේ වෙතත්, නඩු විභාගවලදී විත්තිකරුවන් එය තමන්ට අයිති නැති බව ප්‍රකාශ කිරීම නිසා අධිකරණය විසින් මෙය හිමිකරුවෙකු නොමැති දේපළක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

අතීත හානි:
2022 මැයි 9 වනදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම නිවසට පිරිසක් කඩා වැදී ගිනි තබා හානි සිදු කර තිබුණි.

විරෝධතාවයේ අරමුණ

පොදු පරිහරණය:

වසර කිහිපයක් තිස්සේ භාවිතයෙන් තොරව පාළුවට ගොස් ඇති මෙම දේපළ, ඉඩකඩ හිඟ විශ්වවිද්‍යාලවල අවශ්‍යතා සඳහා හෝ පොදු ජනතා පරිහරණයට රජයට පවරා දෙන ලෙස ශිෂ්‍යයන් ඉල්ලා සිටියි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මල්වානේ ගියේ ජේ.වී.පී අන්තරේ නෙවෙයි ලු ! | The Leader