The Leader News
BREAKING
Top Ad
පුවත්

"මහජන කැළඹීම් එපා : අපට බලපෑම් නෑ" : ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

T

The Leader Desk

May 15, 2026 • 4:51 PM

"මහජන කැළඹීම් එපා  : අපට බලපෑම් නෑ" : ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධිකාරිය වෙත කිසිදු පාර්ශවයකින් බලපෑමක් එල්ල වී නොමැති අතර, විමර්ශන කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ඉදිරි පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වේ.
  • එබැවින් මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බව පෙන්වා දෙන අධිකාරිය, අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවටද අනතුරු අඟවයි.
  • මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙයි.
  • ළමුන්ට සියළු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය තහවුරු කිරීම සැමගේ වගකීමක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පූර්ණ අවධානය යොමු කර තිබේ. 

මෙම සිදුවීම වාර්තා වූ දින සිට ඒ පිළිබඳව නියාමන කටයුතු සිදු කරන බවත්, ඉදිරියටද දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවන්නේදැයි සොයා බලන බවත් එම අධිකාරිය අවධාරණය කරයි. 

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට සූදානම් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ  සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධිකාරිය වෙත කිසිදු පාර්ශවයකින් බලපෑමක් එල්ල වී නොමැති අතර, විමර්ශන කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ඉදිරි පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වේ.

 එබැවින් මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බව පෙන්වා දෙන අධිකාරිය, අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවටද අනතුරු අඟවයි.

මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙයි. ළමුන්ට සියළු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය තහවුරු කිරීම සැමගේ වගකීමක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 xddfdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...