වැඩි බව දකුණු අප්‍රිකාව මුලස්ථානය කොටගත් මානව හිමිකම් සංවිධානයක් විසින් හෙළි කොට තිබේ.
“1980 දශකයේ අගභාගයේදී මරා දැමු හෝ අතුරුදහන් වු දෙමළ ජාතිකයන් ගණන 10,000 ඉක්මවයි” හිසින් යුතුව 2026 මැයි 15 වැනිදා දකුණු අප්‍රිකාව මුලස්ථානය කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙළි කොට ඇත්තේ මෙය හුදෙක් සංඛ්‍යාවක් නොවන අතර මකා දැමූවන් පිළිබඳ වන වාර්තාවක් බවයි. වින්දිතයන්ගෙන් අතිමහත් බහුතරය දෙමළ පිරිමින් වේ.
“මෙම ප්‍රචණ්ඩත්වය ඩිජිටල් යුගයට පෙර සිදු වී ඇති අතර - මෙම වින්දිතයින් කිසි විටෙකත් පුළුල් ලෙස ගණන් කර, නිල වශයෙන් වාර්තා කර හෝ ඉතිහාසයෙන් ඵලදායී ලෙස සටහන් කර නැති" බව ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසයි. "අපි දැන් කරමින් සිටින්නේ හිතාමතාම මකා දැමූ අනන්‍යතාවය, මානව ගරුත්වය යථා තත්ත්වයට පත් කිරීමයි.''
1987 ඔක්තෝබර් මාසයේදී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා යොදවන ලද අතර ශ්‍රී ලංකා රජය සමග වූ ද්විපාර්ශ්වික ගිවිසුමක කොටසක් ලෙස දිවයිනේ උතුරු නැගෙනහිර දෙමළ සටන්කාමීන් නිරායුධ කිරීම සඳහා ඔවුන් 1990 මාර්තු දක්වා රැඳී සිට ඇත.
මෙම කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා හමුදාව බැරැක්කවලට සීමා වී සිටින අතර, ඉන්දියානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරන ලද බහු විධ සමූලඝාතන, නීති විරෝධී ඝාතන සහ බලහත්කාර අතුරුදහන් කිරීම් ඇතුළු පුළුල් හා ක්‍රමානුකූල අපයෝජන පිළිබඳ විශ්වාසදායක චෝදනා ඉදිරිපත් වී තිබුණි.
ලැයිස්තුගත කර ඇති සියලුම වින්දිතයින් ඉන්දියානු හමුදා සහ ඔවුන්ගේ සහචරයින්ගේ ගොදුරු බවට නිශ්චිතවම උපකල්පනය කළ නොහැකි වුවද, දත්ත කට්ටලය මගින් ඉන්දියානු හමුදා, මිත්‍ර කණ්ඩායම් සහ සමහර ශ්‍රී ලාංකික දෙමළ සන්නද්ධ කණ්ඩායම් ඇතුළු බහු ක්‍රියාකාරීන් සම්බන්ධව සිදු කළ බරපතල උල්ලංඝනයන්හි රටාවක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසයි. ආරවුලෙන් ඔබ්බට ඇත්තේ සිවිල් හානියේ පරිමාණය - සහ වගවීම නොමැතිකමයි.
ජාත්‍යන්තර මානව හිමිකම් ලේඛන ප්‍රමිතීන්ට අනුකූල දැඩි සාක්ෂි සීමාවක් සපුරාලන මෙම දත්ත සමුදාය සමකාලීන දිවුරුම් ප්‍රකාශ, රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා, පවුලේ සාමාජිකයන්ගෙන් සෘජුවම ලබාගත් තොරතුරු සහ සත්‍යාපිත මාධ්‍ය වාර්තා මත පදනම් වේ. ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂ භාවය, කාල රාමුව සහ ජනවාර්ගිකත්වය අනුව නම් සෙවීම සිදු කළ හැකිය.
“ මෙය ජීවමාන ලේඛනාගාරයක් " බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව උපදෙස් දුන් මානව හිමිකම් දත්ත විශ්ලේෂණ කණ්ඩායමේ මිෂෙල් ඩුකිච් පවසා සිටියි. "මෙම ක්‍රියාවලියේ දී සාක්ෂිකරුවන් ලෙස පමණක් නොව, සත්‍යයේ භාරකරුවන් ලෙස පවුල් කේන්ද්‍රීය වේ".
"වසර තිහකට පසුවත්, තවදුරටත් ප්‍රශ්නය වන්නේ සිදු වූයේ කුමක්ද යන්න නොවේ. කිසිවෙකු වගකිව යුතු බවට හඳුනාගෙන නැත්තේ මන්ද යන්නයි - සහ එම දණ්ඩමුක්තිය කොපමණ කාලයක් පැවතීමට ඉඩ දෙනු ඇත්ද යන්නයි," යස්මින් සූකා වැඩි දුඒටත් පැවසුවාය.
වැඩිදුර තොරතුරු:
ක්‍රමවේදය පිළිබද වැඩි දුර තොරතුරු සදහා පහත යොමුව භාවිත කරන්න,
මරා දැමු හෝ අතුරුදහන් වු දෙමළ ජාතිකයන් නාම ලේඛනය සදහා පහත යොමුව භාවිත කරන්න,




