පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.
අනතුර සිදුවෙන අවස්ථාවේදී දුම්රියේ සිටි මගියෙක් මැදිරියෙන් පිටතට විසිවී ගොස් ඇති අතර ඔහුව පෙරළී ගිය මැදිරිය සහ දුම්රිය මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක් අතරට සිරවීමෙන් තුවාල ලබන්නට ඇති බව පොලිසිය සැක කරයි. එම තුවාලකරුගේ තත්වය බරපතල බව වාර්තාවේ.
අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්වූ මෙම S 13 දුම්රිය දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබී ඇත.
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ (Main Line) එක් මඟක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
අනතුර සිදුවූ ස්ථානයට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අනතුර හේතුවෙන් පහළ දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් ඉහළ දුම්රිය මාර්ගය සහ තුන්වැනි දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවත් එම ස්ථානයේ සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.




