ඒ, රටවල් අතර මිත්‍රත්වය සහ කලාපීය නාවික සහයෝගීතාව වර්ධනය කිරීමේ එක් අදියරක් ලෙසයි.
නෞකාවේ විශේෂත්වයන් :
බහුජාතික කාර්ය මණ්ඩලය:
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 16ක නාවික නිලධාරීන් සහ සෙබළුන්ගෙන් සමන්විත බහුජාතික පිරිසක් මෙහි ගමන් කරති.
MAHASAGAR දැක්ම:
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ "MAHASAGAR" (Mutual and Holistic Advancement for Security and Growth Across Regions) සහ "One Ocean, One Mission" යන සංකල්පයන්ට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
සංචාරයේ පසුබිම:
නෞකාව අප්‍රේල් 02 වැනිදා මුම්බායි සිට මුහුදු මෙහෙයුම් සඳහා පිටත්ව තිබේ.
ඒ ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථාන තුළදී බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයට ඒකාබද්ධ වරාය පුහුණුව ලබා දීමෙන් අනතුරුවයි.
එම පුහුණුවේදී නාවික ශිල්පය සහ නාවික ගමනාගමනය, සන්නිවේදන ක්‍රියාපටිපාටිය සහ මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම, ගිනි නිවීම සහ හානි පාලනය, පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් වැනි විශේෂිත මෙහෙයුම් සිදු කරනු ඇත.
මෙම සාගර සංචාරයේ හත්වන නැවතුම ලෙස කොළඹ වරාය සනිටුහන් වේ.
සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් :
නාවික හමුවීම්:
නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් සිද්ධාර්ථ චෞද්රි ඇතුළු නියෝජිතයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවීමට නියමිතය.
මිත්‍රත්ව ක්‍රීඩා සහ වෘත්තීය හුවමාරු:
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වෘත්තීයමය අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම වොලිබෝල් සහ බාස්කට්බෝල් වැනි මිත්‍රත්ව ක්‍රීඩා තරඟවල නිරත වීමට කටයුතු යොදා ඇත.
නැරඹීමේ අවස්ථා:
මෙම සංචාරය අතරතුර නාවික පිරිස ගාල්ල, මහනුවර සහ පින්නවල වැනි දිවයිනේ ඓතිහාසික හා වැදගත් ස්ථාන නැරඹීමට සැලසුම් කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික පුද්ගලයන්ට, පාසල් දරුවන්ට සහ මෙරට වෙසෙන ඉන්දීය ප්‍රජාවට නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව විවෘත වේ.
මෙම නෞකාව 2026 මැයි 18 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (PASSEX) පසුව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.




