The Leader News
BREAKING
Top Ad
පුවත්

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා - දිලිත් ජයවීර

T

The Leader Desk

May 16, 2026 • 4:11 AM

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා - දිලිත් ජයවීර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ තමන්ගේ දර්ශනයකින් නොව පිටින් ලැබුණු උපදෙස් අනුව වීම බවය.
  • සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, "ඩොලරය ඉහළ යෑමට නියමිත බව අපි කලින් කිව්වා.
  • එතකොට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ සියලු සිවිල් පද්ධතීන් බිඳවැටෙන ආකාරයට." ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී මෙරට වෙළඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් දැඩි ලෙස ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවති.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව, ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය 2023 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ තමන්ගේ දර්ශනයකින් නොව පිටින් ලැබුණු උපදෙස් අනුව වීම බවය.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,

"ඩොලරය ඉහළ යෑමට නියමිත බව අපි කලින් කිව්වා. මේකට ප්‍රධාන හේතුව තමයි අපේ ආනයන අපනයන ප්‍රතිපත්තිය තර්කානුකූල තැනක නොතිබීම. ආණ්ඩුව කටයුතු කළේ පිටින් ලැබුණු උපදෙස් අනුව. වාහන ගෙන්නුවේ ඩොලර්වලින්, බදු ගත්තේ රුපියල්වලින්. රුපියල් හොයා ගත්තා ඩොලර් ගියා."

"අද ඩොලරය, රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා. කර්මාන්තශාලා දැඩි අර්බුදයක. මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටෙනවා දැකලා නැහැ. දරුණුම අවස්ථාවේදිවත් මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටුණේ නැහැ."

"වහාම තීන්දු තීරණ වෙනස් නොකළොත් කාලය ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම නුදුරේදීම ජනතාවට බලපානවා. එතකොට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ සියලු සිවිල් පද්ධතීන් බිඳවැටෙන ආකාරයට."



ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී මෙරට වෙළඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් දැඩි ලෙස ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව, ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය 2023 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය වේ.

ඩොලරය ඉහළ යාමට හේතු

මහ බැංකු ක්‍රියාකාරකම්:
මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්ත ද්‍රවශීලතාවයක් පැවතීම ඩොලර් ඉල්ලුම වැඩි වීමට හේතු වී ඇත.

ගෝලීය දේශපාලන අර්බුද:
ලෝක දේශපාලන නොසන්සුන්තාව (විශේෂයෙන් මැදපෙරදිග ගැටුම්) හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ගලා ඒම සීමා වී ඇත.

අපනයන ආදායම පහත වැටීම:
අපනයන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග නිසා රට තුළට පැමිණෙන ඩොලර් ප්‍රමාණය අඩු වී ඇත.

ආනයන වියදම් ඉහළ යාම:
වාහන ආනයන සීමා ලිහිල් කිරීම වැනි පියවර නිසා අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 

මෙසේ රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සිදුවුවහොත් ඉන්ධන මිල, විදුලිය සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම භාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ, පද්ධතියේ ඇති ඩොලර් මහ බැංකුව මිල දී ගැනීම හා රුපියල් පද්ධතිය වැඩිපුර තිබීම හේතුවෙන් ඩොලර්වලට ඇති ඉල්ලුම වැඩිවීම මෙසේ රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බවය.

එමෙන්ම ලෝකයේ ඇති භූ දේශපාලන තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් පෙර ලෙස ඩොලර් නොලැබීම සහ අපනයනයට ඇති වී ඇති බලපෑම හේතුවෙන් පද්ධතියට එන ඩොලර් ප්‍රමාණය අඩු වීමද මේ සඳහා බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රුපියල මෙසේ දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත් ඛනිජ තෙල්වලට ප්‍රබල බලපෑමක් ඇති විය හැකි අතර ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යා හැකි බවද ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු,

''පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා''
 
මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම 

මේ අතර 2023 දෙසැම්බර් 22 වැනි දිනෙන් පසු අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල ඊයේ වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අමෙරිකානු ඩොලරයක ඊයේ (15) විකුණුම් මිල රුපියල් 331.15 ක් වන බවය.

ඊයේ දිනයේදීත් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් දක්වා ඉහළ ගියේය. 
 
මෙම තත්ත්වය සමනය කිරීමට නම් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සහ විදේශ විනිමය ගලා ඒම් ක්‍රමවත් කිරීම අත්‍යවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරති.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා - දිලිත් ජයවීර | The Leader