The Leader News
BREAKING
Top Ad
පුවත්

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයෙකු අත්අඩංගුවට

T

The Leader Desk

May 16, 2026 • 8:23 AM

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයෙකු අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය පවසයි.
  • මෙම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
  • සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
  • අද (16) අලුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරතුරදී පීලි පැනීමකට ලක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය පවසයි.

මෙම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අද (16) අලුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරතුරදී පීලි පැනීමකට ලක් විය.

මෙම අනතුරෙන් දුම්රිය මැදිරියක් පෙරළී ගිය අතර, මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන සිදු කරයි.

අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය අවහිර වී ඇති අතර, ඉහළ සහ තෙවන මාර්ග ඔස්සේ ප්‍රමාදයන් සහිතව දුම්රිය ධාවනය කෙරේ. මේ වනවිට මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයෙකු අත්අඩංගුවට | The Leader