සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට අයත් බවට පැවසුණු, දැනට අධිකරණ නියෝග මත රජයට පවරාගෙන ඇති, මල්වානේ පිහිටි අක්කර 15ක පමණ භූමිය සහ එහි ඇති නිවස සීමිත ඉඩකඩ සහිත විශ්වවිද්‍යාල සඳහා හෝ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලමින් අන්තරේ ශිෂ්‍ය පිරිසක් මැයි 14 වනදා එහි ඇතුළු වී නවාතැන් ගනිමින් විරෝධතාවක් ආරම්භ කළහ.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසික සහ යටිතල පහසුකම් හිඟයට විසඳුමක් ලෙස රජය පවරාගෙන ඇති මෙවැනි දේපළ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලබාදෙන තෙක් තම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව අන්තරේ පාර්ශවය සඳහන් කරයි.
රජයට අයත් භූමියකට සහ නිවසකට මෙලෙස අනවසරයෙන් ඇතුළු වී එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම හේතුවෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම නීතිමය පියවර ගෙන ඇත.
මේ අතර, එම ක්‍රියාමාර්ගයට එරෙහිව නව ජනතා පෙරමුණ ද අද (16) දොම්පේ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර එහිදී එම පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
"මේ නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ ජනතා විමුකිති පෙරමුණේ බළල් අත. ශිෂ්‍ය වීරයන්ට කියන්න කැමති ශිෂ්‍ය සටන් ගැන දන්නේ නැත්තන් බංකුවක් අරන් එන්න අපි කියලා දෙන්නම්. මෙතන ඉදලා විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, කැලණිය විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 24යි. යක්කල ආර්යුවේද විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 22යි. මේ ශිෂ්‍යයෝ කොහොමද කියන්නේ මේවා විශ්වවිද්‍යාලයට පවරලා දෙන්න කියලා. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් විදියට සුරක්ෂිත කරන්න ඕනා.
පහුගිය දිට්වා සුළි කුණාටුවේදි අඩි 50ක් මේ ගොඩනැගිල්ල යටවුණා. උඩ තට්ටුව විතරයි ඉතිරි වුණේ. ශිෂ්‍යයන්ටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ න්‍යාය පත්‍රයට රැවටෙන්න එපා. පොලීසියට කියන්න බෑ මේකට පැමිණිලි නෑ කියලා . ප්‍රාදේශීය ලේකම්තුමා පැමිණිල්ලක් දාලා තියෙනවා, දේශපාලන පක්ෂයක් විදියට අපි ඇවිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් පැමිණිල්ල විභාග කරලා තියෙනවා. දැන් පැමිණිල්ල විභාග කරලා ඉතාම ඉක්මනින් අනීතිකව ඉන්න මේ ශිෂ්‍යයෝ අයින් කරයි කියලා හිතනවා"
තත්ත්වය පාලනය කිරීම සහ සාමය පවත්වා ගැනීම සඳහා මේ වන විට අදාළ පරිශ්‍රය අවට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ
(මුලාශ්‍රය | aruna)




