The Leader News
BREAKING
Top Ad
පුවත්

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් තෝරන නව ක්‍රමයට විරෝධයක්

T

The Leader Desk

May 17, 2026 • 4:19 AM

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් තෝරන නව ක්‍රමයට විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම, නව ක්‍රමය යටතේ 2025 සහ 2026 වසරවල සමත් ප්‍රතිශතය 90% ඉක්මවා ඉහළ යාම ද විභාගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු කරන බව ඔවුහු සඳහන් කරති.
  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.
  • මෙම නව ක්‍රමය මඟින් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පහත වැටී රෝගීන්ගේ ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්වන බව ඔවුන් පෙන්වා දෙති.
  • එහෙත්, එම අවම ප්‍රමිතියම දුර්වල වුවහොත් ප්‍රමාණවත් සායනික හැකියාවක් නොමැති පුද්ගලයන්ට පවා වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමේ අවදානමක් පවතින බව ද එම කමිටුව අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් පෙන්වා දෙන්නේ, 2025 වසරේ සිට හඳුන්වා දී ඇති නව ERPM විභාග ක්‍රමය යටතේ long case සහ short case සායනික පරීක්ෂණ ඉවත් කර OSCE (Objective Structured Clinical Examination) පදනම් කරගත් පරීක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අපේක්ෂකයන්ගේ ගැඹුරු සායනික චින්තන හැකියාව ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක් නොවන බවයි.

එමෙන්ම, නව ක්‍රමය යටතේ 2025 සහ 2026 වසරවල සමත් ප්‍රතිශතය 90% ඉක්මවා ඉහළ යාම ද විභාගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු කරන බව ඔවුහු සඳහන් කරති.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

 

විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා පැවැත්වෙන ERPM (Examination to Register to Practice Medicine) විභාගයේ නව ආකෘතියට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (MFSAC) දැඩි විරෝධයක් පළ කරති. මෙම නව ක්‍රමය මඟින් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පහත වැටී රෝගීන්ගේ ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්වන බව ඔවුන් පෙන්වා දෙති.

 

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙන්නේ licensing examination එකක අරමුණ හොඳම ශිෂ්‍යයන් තෝරා ගැනීම නොව, රෝගීන් ආරක්ෂිතව කළමනාකරණය කළ හැකි අවම වෘත්තීය ප්‍රමිතියක් ඇති පුද්ගලයන් හඳුනා ගැනීම බවයි.

එහෙත්, එම අවම ප්‍රමිතියම දුර්වල වුවහොත් ප්‍රමාණවත් සායනික හැකියාවක් නොමැති පුද්ගලයන්ට පවා වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමේ අවදානමක් පවතින බව ද එම කමිටුව අවධාරණය කරයි.

ඔවුන්ගේ අදහස අනුව, OSCE ක්‍රමය ව්‍යුහගත සහ සාධාරණ ඇගයීම් ක්‍රමයක් වුවද, සැබෑ රෝගී තත්ත්වයන්හි සංකීර්ණභාවය, සායනික විනිශ්චය සහ දිගුකාලීන රෝගී කළමනාකරණ හැකියාව ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක් කිරීමේ සීමාවන් පවතී.

ඒ අනුව, ERPM විභාගය සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රධාන සාකච්ඡාව සමත් ප්‍රතිශතය පිළිබඳ නොව, රෝගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රමිතියක් එම විභාගය මඟින් තහවුරු කරනවාද යන්න පිළිබඳ විය යුතු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.

විභාගයේ සිදු කර ඇති වෙනස්කම් :

පැරණි ක්‍රමය: 


මීට පෙර විභාගය Part A, B, C, D ලෙස කොටස් හතරකින් පැවැත්විණි. එහිදී සැබෑ රෝගීන් ඇසුරින් පවත්වන දීර්ඝ හා කෙටි සායනික පරීක්ෂණ (Long cases & Short cases) අනිවාර්ය විය.

නව ක්‍රමය: 

2025 ජනවාරි සිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් විභාගය Part I (න්‍යායාත්මක) සහ Part II (සායනික) ලෙස කොටස් දෙකකට සීමා කරන ලදී.

OSCE ක්‍රමය: 

සායනික පරික්ෂණ සඳහා සැබෑ රෝගීන් වෙනුවට OSCE (Objective Structured Clinical Examination) නම් මධ්‍යස්ථාන පාදක කරගත් පරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධයට හේතු සැකෙවින් :

ප්‍රමිතිය පහත වැටීම: 

සැබෑ රෝගීන් පරීක්ෂා කිරීමේ අවස්ථාව ඉවත් කිරීම නිසා නව වෛද්‍යවරුන්ගේ ප්‍රායෝගික කුසලතා මැනීමට මෙම ක්‍රමය ප්‍රමාණවත් නොවන බව පවසයි.

සමත් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාම: 

පැරණි ක්‍රමයට සාපේක්ෂව නව ආකෘතිය යටතේ විභාග සමත් වීමේ ප්‍රතිශතය 2025 දී 90% දක්වාත්, 2026 දී 94% දක්වාත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත. මෙය විභාගයේ ගුණාත්මකභාවය බිඳ වැටීමේ ලක්ෂණයක් ලෙස ඔවුහු හඳුන්වති.

රෝගී ජීවිත අවදානමක වැටීම: 

ප්‍රමාණවත් සායනික පුහුණුවක් සහ ඇගයීමක් නොමැති වෛද්‍යවරුන් මෙරට සෞඛ්‍ය පද්ධතියට ඇතුළත් වීමෙන් රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ස්ථාවරය

බ්‍රිතාන්‍යයේ PLAB සහ ඕස්ට්‍රේලියාවේ AMC වැනි ජාත්‍යන්තර වෛද්‍ය විභාගවල ප්‍රමිතීන්ට අනුකූලව විභාගය නවීකරණය කළ බව SLMC ආයතනය ප්‍රකාශ කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් තෝරන නව ක්‍රමයට විරෝධයක් | The Leader