The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
පුවත්

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි

T

The Leader Desk

May 17, 2026 • 11:46 AM

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.
  • මෙම සටහන මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඊට අදාළ නීතිමය සංශෝධන විවේචනයට ලක් කර ඇත.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඩිජිටල්කරණය ඇතුළු නවීකරණ කටයුතුවලට ලක් කිරීම, බදු ක්‍රමය ක්‍රමවත් කිරීම සහ බදු ගෙවීම් පහසු කිරීම රජය විසින් පැහැර හැර ඇති බව ඔහු පවසයි.
  • යෝජිත නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ 185 ආ වගන්තිය මඟින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධමය වැරදි බවට පත් කරමින් සිදුකරන්නට යන පුරවැසි මර්ධනය වහා හකුලා ගන්නැයි ඔහු එම X සටහන මගින් රජයෙන් ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

මෙම සටහන මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඊට අදාළ නීතිමය සංශෝධන විවේචනයට ලක් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඩිජිටල්කරණය ඇතුළු නවීකරණ කටයුතුවලට ලක් කිරීම, බදු ක්‍රමය ක්‍රමවත් කිරීම සහ බදු ගෙවීම් පහසු කිරීම රජය විසින් පැහැර හැර ඇති බව ඔහු පවසයි.

 

යෝජිත නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ 185 ආ වගන්තිය මඟින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධමය වැරදි බවට පත් කරමින් සිදුකරන්නට යන පුරවැසි මර්ධනය වහා හකුලා ගන්නැයි ඔහු එම X සටහන මගින් රජයෙන් ඉල්ලා සිටියි.

 

බදු පැහැර හැරීම් හෝ ප්‍රකාශයන්හි අඩුපාඩු සඳහා පනවා ඇති දැඩි දණ්ඩනීය කොන්දේසි (185 ආ පරිච්ඡේදය) හේතුවෙන් සාමාන්‍ය ව්‍යාපාරිකයන් සහ පුරවැසියන් නීතිය ඉදිරියේ වරදකරුවන් වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ඔහු චෝදනා කරයි.

ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුටත්, හිතාමතා රුපියල් මිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින අයෙකුට හා සමානව සැලකිය හැකිය අයුරින් මේ හරහා නීති සම්පාදනය කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ එය දෝෂ සහගත තත්ත්වයක් බවයි.

“ බදු ක්‍රමය නිවැරදි කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නවීකරණය කිරීම සහ බදු අනුකූලතාවය පහසු කිරීම වෙනුවට, රජය මේ සිදුකරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීම නමැති කෙටි මාවතට පිවිසීමයි” යනුවෙන් සජිත් මෙම බදු පනතේ 185 ආ පරිච්චේදය දැඩිව විචේචනය කර ඇත.

sajith xq0y0w8
එම X සටහනේ මෙසේ සඳහන් වේ.

'' ජනතාව කෝපයට පත්ව ඇත්තේ බදු ගෙවීම පිළිබඳව නොවේ. ඔවුන් කෝපයට පත්ව ඇත්තේ තමාට අසාධාරණ ලෙස සැලකීම පිළිබඳවයි.

යෝජිත මෙම 185අ වගන්තිය මඟින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධ වරදවල් බවට පත් කරනු ලබයි. එහි අර්ථය නම්, ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට ද, හිතාමතා රුපියල් මිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින අයෙකුට හා සමානව සැලකිය හැකිය යන්නයි.

එය දෝෂ සහගත තත්ත්වයකි.

බදු ක්‍රමය නිවැරදි කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නවීකරණය කිරීම සහ බදු අනුකූලතාවය පහසු කිරීම වෙනුවට, රජය කරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීම නමැති කෙටි මාවතට පිවිසීමයි.

මෙතරම් වේගයෙන් නීති සම්මත කිරීමට ඔවුන්ට ශක්තියක් තිබේ නම්, සැබෑ දූෂණ විරෝධී පනත්වලට සිදුවූයේ කුමක්ද? මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණය සහ මහජන දේපළ සොරකම් කළ අයට එරෙහිව ගනු ලබන පියවරයනට සිදුවූයේ කුමක්ද?

දූෂිතයන් හඹා යන්න. සැබෑ වංචාකාරයන්ට දැඩි ලෙස දඬුවම් කරන්න. එනමුත් සාමාන්‍ය ජනතාවට එරෙහිව අවියක් ලෙස නීතිය භාවිතා නොකරන්න.

නීති මඟින් සාධාරණත්වය, සමානුපාතිකත්වය සහ ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවන්හි අපි කිසිසේත්ම නිහඬව නොසිටින්නෙමු.''

 

බදු දැල පුළුල් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසනවා වෙනුවට, දැඩි නීති සහ දඬුවම් මඟින් බදු එකතු කිරීමට රජය උත්සාහ කරන බව විපක්ෂයේ මතයයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි | The Leader