පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම යන දෙකම එකවර දැරීම අපහසු බවත් එබැවින් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්ව විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස වගකීම ඉටුකිරීම උදෙසා සිය කැමැත්ත ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවයි.
විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා සිය ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ හිඳ කටයුතු කිරීම සිය අරමුණ බවද හෙතෙම පවසයි.




