මියයන විට ඒ මහතා 72 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේද නොමැකෙන සලකුණක් තැබූ ඔහු සිය මාධ්‍ය ජීවිතය ශ්‍රී ලංකාවේ වීරකේසරී පුවත්පතෙන් ආරම්භ කළේය.
1983 කෝලාහලවලින් පසු කැනඩාවට සංක්‍රමණය වූ නමුත් ඔහු ඉන් අනතුරුව ද ශ්‍රී ලංකාවේ දේශපාලනය, වාර්ගික ගැටුම් සහ සිවිල් යුද්ධය පිළිබඳව ගැඹුරු සහ අපක්ෂපාතී දේශපාලන විශ්ලේෂණ රැසක් Transcurrents වෙබ් අඩවිය, Daily Mirror සහ The Sunday Leader වැනි පුවත්පත් හරහා ඉදිරිපත් කළේය.
ඉන්දීය Frontline සඟරාව, The Hindu පුවත්පත මෙන්ම BBC සහ කැනේඩියානු ගුවන්විදුලි සේවා හරහාද ශ්‍රී ලාංකීය දේශපාලන තත්ත්වයන් ලෝකය හමුවේ ඔහු විග්‍රහ කළේය.
ඔහුගේ තීරු ලිපි (Columns) සහ ගවේෂණාත්මක වාර්තාකරණය දශක ගණනාවක් පුරා දේශීය මෙන්ම විදේශීය පාඨකයන්ගේ ඉහළ ඇගයීමට ලක්විය.




