The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
පුවත්

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති

T

The Leader Desk

May 18, 2026 • 3:41 AM

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය බදාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.
  • ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.
  • ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.
  • මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වත්මන් ගෝලීය දේශපාලනික සහ ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය බදාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.

මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම්, වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවත් සඳහන් කළේය.

ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.

ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වත්මන් ගෝලීය දේශපාලනික සහ ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.


මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු සහ ඉන් ගත හැකි ආර්ථික පණිවිඩ මෙසේ සාරාංශගත කළ හැකිය:

ප්‍රධාන කරුණු

අනාවැකි කීමේ අපහසුතාව:
ගෝලීය සිදුවීම් වේගයෙන් වෙනස් වන බැවින් ඉදිරි මාස 3 පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කළ නොහැක.

ඉන්ධන පාලනය:
ඩොලර් බිලියන 700ක සංචිත ඇති ඉන්දියාව පවා ඉන්ධන පාරිභෝජනය සීමා කිරීමට පියවර ගනිමින් සිටී.

රාජ්‍ය අංශයේ වෙනස්කම්:
ඉන්ධන සහ පිරිවැය ඉතිරිකිරීම සඳහා ඉන්දියාව දැනටමත් රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට (Work from Home) යොමු කර ඇත.

ගත යුතු ක්‍රියාමාර්ග

සම්පත් අරපිරිමැස්ම:
ජාතික මට්ටමින් මෙන්ම පුද්ගලික මට්ටමින් ද ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිභෝජනය උපරිමයෙන් සීමා කිරීම.

පූර්ව සූදානම:
ශ්‍රී ලංකාවේ ද මුදල් අමාත්‍යාංශය මැදිහත් වී රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම.

අර්බුද කළමනාකරණය:
බාහිර කම්පන (ගෝලීය යුද වාතාවරණ සහ මිල ඉහළ යෑම්) හමුවේ දේශීය ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කිරීම.


(මුලාශ්‍රය | aruna)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...