ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දී ඇති උත්තරීතර ස්ථානය හුදෙක් වචනවලට පමණක් සීමා නොකර, එය රට තුළ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සැමගේ වගකීමක් බව ද විපක්ෂනයකවරයා අවධාරණය කරයි.
අද වන විට සම්බුද්ධ ශාසනයට ආගම දහමට විවිධ පැතිකඩවලින් අභියෝග එල්ල වන බවත් සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථාවරයක් ලබා දී ඇති බවත් එය වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීම අප සියලුදෙනාගේම වගකීමක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඊයේ (17) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්වයකදීය.
උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලැබු කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම විහාරය ඇතුළු විහාරාධිපති ලෙස කටයුතු කරන ශ්‍රී රතනජෝති වංසාලංකාර සද්ධර්මවාගීස්වර ශාස්ත්‍රවිශාරද පණ්ඩිත මහෝපාධ්‍යය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් මෙම උත්සවයක් සංවිධානය කර තිබිණ.
වර්තමානය වන විට සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වෙමින් පවතින අවස්ථාවක බෞද්ධයකු ලෙස මෙම අභියෝග හමුවේ ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු කරනවාද? නිවට කමින් නිහඩව සිටිනවාද? නැතිනම් ප්‍රයෝගිකව ශක්තිසම්පන්නව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවෙනවාද කියා සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථානයක් ලැබෙනවා සේම සෛරීත්වය භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස රටක් ලෙස ශක්තිමත් වන්නේ සෙසු ආගම් හා සංස්කෘතීන්වලට ලබා දී ඇති ස්ථාවරය හා රැකවරණය මත බවත් මේ නිසා බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් සේම සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශ පවා නිර්මාණය කර ආගමික සංහිදියාව සහ ජාතීන් අතර එකමුතුභාවය ඇති කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
''එදා මුහුණ දුන් සෘජු අධිරාජ්‍යවාදය අද වක්‍ර ලෙස නැවත වරක් පැමිණිලා''
අප රටේ පන්සල් 14129ක් ශාසනාරක්ෂක බල මණ්ඩල 3127ක්, පිරිවෙන් 824ක්, දහම්පාසල් 10347ක් ඇති බවත් ප්‍රායෝගික පද්ධතියන් ලෙස වෙහෙර විහරස්ථාන හා පන්සල් පද්ධතිය ශක්තිමත් කරන්න අදිටන් කර ගත යුතු බවත් ආර්ථික, දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික දේශීය හා විදේශීය අවදානම් රැසකට මුහුණ දි ඇති නිසා ලක්ෂ 220ම එකට එකතු වී මේ අභියෝග ජය ගන්න සිතිය යුතු බවත් එදා රජ දවසේ සෘජු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූවා සේ අද වන විට වක්‍ර අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක බවත් මේ වෙනුවෙන් අප සැම සූදානම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
''ඇස් හිස් මස් ලේ දන් දී ඒකීයභාවය සෛරීත්වය ආරක්ෂා කළ සේ අදත් රට රැකගත යුතුයි''
රජ දවසේ අප රට සුරක්ෂිත කළා සේ ඇස් හිස්මස් ලේ දන්දී රටේ ඒකීයභාවය සෛරීත්වය සුරක්ෂිත කළා සේ අද දවසේ අප ද මේ අභියෝගවලට මුහුණ දෙන වැඩපිළිවෙළක් වෙනුවෙන් අත්වැල් බැදගත යුතු බවත් පුරවැසියන් සියලු දෙනා මේ වෙනුවෙන් එකට එකතු විය යුතු බවත් බුද්ධශාසනයේ ආරක්ෂකයන් වන මහා සංඝරත්නය රැකගත යුතු බවත් චීවරයට ගරුකළ යුතු බවත් රටක් ලෙස නිවටයෝ නොවී රට වෙනුවෙන් අත්වැල් බැදගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සවය සඳහා ආගමික මෙන්ම දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආරාධිතයන් රැසක් එක්ව සිටි අතර එහිදී විපක්ෂ නායකවරයා කල අදහස් දැක්වීම පහත පරිදි පෙළගැස්විය හැක.
ප්‍රධාන කරුණු
ශාසනික අභියෝග:
වත්මන් සමාජය තුළ බුද්ධ ශාසනයට විවිධ ආකාරයේ බලපෑම් සහ අභියෝග එල්ල වෙමින් පවතී.
ව්‍යවස්ථාපිත ආරක්ෂාව:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇත.
ප්‍රායෝගික ක්‍රියාත්මකවීම:
ව්‍යවස්ථාපිත රැකවරණය නීති පොත්වලට සීමා නොකර මහපොළොවේ ක්‍රියාත්මක කළ යුතුය.
ජනතා වගකීම:
කුමන්ත්‍රණ සහ අභියෝග හමුවේ ශක්තිමත්ව නැගී සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීම ජනතාව සතුය.
දේශපාලන පසුබිම
* මහා සංඝරත්නය සහ ආගමික නායකයන් සමඟ සමීපව කටයුතු කරමින් බෞද්ධ උරුමය රැක ගැනීමට විපක්ෂය කැපවන බව සජිත් ප්‍රේමදාස නිතර ප්‍රකාශ කරයි.
* ආගමික අනන්‍යතාව සහ සංස්කෘතිය රැක ගැනීම සඳහා දේශපාලන භේදයකින් තොරව පොදු ජනතාව පෙරමුණ ගත යුතු බව ඔහු මෙහිදී අවධාරණය කෙරේ.






