කිසියම් පාර්ශ්වයක් අමතක වීම නිසා, රෝගී වීමක් නිසා, විදේශ ගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බදු පරිපාලනයක් ගෙන එන්න රජය කටයුතු කරන බවත් මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සිරගත කරනවා යන තර්ජනය කිරීම හරහා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බදු පරිපාලනය සම්බන්ධයෙන් බදු සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමඟ පැවැති හමුවකදිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලන කොන්දේසි ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මූලික මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. රජයේ මේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමක්, මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව භීතියකට නැංවීමක් බවත් ඒ තුළ අලුත් ව්‍යාපාර බිහි වීම හා නව ව්‍යාපාර ව්‍යාප්ත කිරීමත් රැකියා උත්පාදනය සඳහා බරපතල ලෙස බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නව බදු ප්‍රතිපත්තිය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කිරිමක්
එසේම රජයේ මේ ප්‍රතිපාදන තුළින් අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් සංවරණ හා තුලන සංකල්පය සහ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුන වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මේ නිසා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාව බදු ගෙවිය යුතු සිදු දෙනා බදු ගෙවිය යුතු බවත් බදු ගෙවීම මග හැරීම සිදු නොකළ යුතු බවත් බදු දැලේ සිටින සියලු දෙනා අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුවත් එය සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් පැවසීය.
විපක්ෂ නායකවරයා මතු කළ කරුණු පහත සඳහන් පරිදි සාරාංශ ගත කළ හැක.
සාපරාධී ක්‍රියා ලෙස සැලකීම:
අමතක වීම, රෝගී වීම හෝ විදේශගත වීම වැනි හිතාමතා සිදු නොකරන කරුණු නිසා බදු කොන්දේසි පැහැර හැරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකීමට රජය කටයුතු කරයි.
තර්ජනය කර බදු එකතු කිරීම:
සිරගත කරන බවට තර්ජනය කරමින් බදු එකතු කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.
IMF ඉලක්ක:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක අභිබවා යාමට රජය දැඩි ලෙස උත්සාහ කිරීම බදු පරිපාලනය දැඩි වීමට හේතු වී ඇත.
අයිතිවාසිකම් උල්ලංඝනය වීම:
මෙම නව ක්‍රියාමාර්ග හරහා පුරවැසියන්ගේ මූලික සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
සබැඳි පුවත් :
ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි




