The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
පුවත්

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

May 18, 2026 • 10:36 AM

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුදමය වාතාවරණයකට පසුව යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ස්ථාවරත්වය සහ යුක්තිය පසිඳලීම සඳහා මෙම ආයතනවල අපක්ෂපාතීත්වය වඩාත් තීරණාත්මක සාධකයක් බව ඔහු අවධාරණය කර සිටියි.
  • අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය හා දුෂණ විරෝධී යාන්ත්‍රණය දේශපාලකරණය (politicization) හා ආයුධකරණය (weaponization) වන්නේ නම් එම රාජ්‍යයේ ඉක්මනින් හෝ පමා වී අනිවාර්යයෙන්ම අත්තනෝමතික පාලනයක් බිහිවන බව ද ඔහු පවසයි.
  • ඔහු මෙම කරුණු සඳහන් කර සිටියේ, කොළඹ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමිනි.
  • එහිදී කීර්ති තෙන්නකෝන් තවදුරටත් පැවසූවේ ‘ලංකාව වගේ පශ්චාත් යුධ තත්වයක් ඇති රටකට, අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය දුෂණ විරෝධී යාන්ත්‍රණය පූර්ණ නිදහස් ස්වරූපයකින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පැවතීම අතිශයින්ම වැදගත් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යුදමය වාතාවරණයකට පසුව යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ස්ථාවරත්වය සහ යුක්තිය පසිඳලීම සඳහා මෙම ආයතනවල අපක්ෂපාතීත්වය වඩාත් තීරණාත්මක සාධකයක් බව ඔහු අවධාරණය කර සිටියි.

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය හා දුෂණ විරෝධී යාන්ත්‍රණය දේශපාලකරණය (politicization) හා ආයුධකරණය (weaponization)  වන්නේ නම් එම රාජ්‍යයේ ඉක්මනින් හෝ පමා වී අනිවාර්යයෙන්ම අත්තනෝමතික පාලනයක් බිහිවන බව ද ඔහු පවසයි.

ඔහු මෙම කරුණු සඳහන් කර සිටියේ, කොළඹ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමිනි.

 

එහිදී කීර්ති තෙන්නකෝන් තවදුරටත් පැවසූවේ ‘ලංකාව වගේ පශ්චාත් යුධ තත්වයක් ඇති රටකට, අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය දුෂණ විරෝධී යාන්ත්‍රණය පූර්ණ නිදහස් ස්වරූපයකින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පැවතීම අතිශයින්ම වැදගත් බවයි.

 

නිදහස් අධිකරණ පද්ධතිය තමයි නීතියේ ආධිපතිත්‍යයේ ‘පාදම’ නැත්තම් අත්තිවාරම කියන්නේ. ජනතාව අතර විශ්වාසය, අනිවාර්යයෙන්ම පැවතිය යුතු වගවීම, ජනතාවගේ හිමිකම් ආරක්ෂා කිරීම අතීත අපචාර නැවත ඇතිවීම වලක්වා ගැනීම කියන ඉතාමත් වැදගත් සංකල්පයන් හතර ආරක්ෂා කර හැකි වන්නේ එමගින් පමණයි.

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමයට, දුෂණ විරෝධී යාන්ත්‍රණයට දේශපාලන බලපෑම ඇතුලත් කරලා, අද රටේ අත්තනෝමතික පාලනයක් ඇතිවෙලා තියෙනවා.

අපි 17වන ව්‍යවස්ථා සංශෝධනය, 19 සහා 21 ව්‍යවස්ථා සංශෝධන මගින් අපි ස්වාධීන පද්ධතියක් සකස් කර ගනු ලබූවා.   එමගින් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවට ජනතා සුබසෙත ඉටු කිරීම බලාපොරොත්තුවුණා. දියුණු ‘තුලන හා සංවරණ’ ක්‍රියාවලිය තහවුරු කිරීමටයි. විධායක ක්‍රියාවක් මගින් අගතියට පත්වන විට වුනත්, එයට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් එමගින් හැදුවා.  

පත්වීම් සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයාට තිබු ප්‍රශ්න කළ නොහැකි, අධිපති බලය එයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සභාවකට ලබාදුන්නා. සුප්‍රීම් උසාවියේ, අභියාචාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම, නීතිපතිතුමා, පොලිස්පති, විගණකාධිපති පත් කිරීම ‘බහු පක්ෂ පුළුල් නියෝජනයක් සහිත ව්‍යවස්ථා සභාවට’ හිමිවුණා. අපේ රටේ අද නීතිය ඒකයි. ව්‍යවහාරය ඒකයි.

WhatsApp Image 2026 05 18 at 15.13.05
අප අද කතා කරන පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසමට මම එන්නම්.

පොලිස් කොමිසම බිහිකරනු ලැබූයේ ‘පොලීසියේ ක්‍රියාකාරකම්’ අධීක්ෂණය (ඔව්ර්සී) කිරීමටයි. ජනාධිපතිවරයා එයට කොමසාරිස්වරු පත් කරන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. ඒ වගේම, ජනාධිතිවරයා විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරන්නේ ත්, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මේකම තමයි විගණන කාර්යාලයේත් සිද්ධ වෙන්නේ.

මේ පත්වීම් ක්‍රමය ඇති කළේ, මේ වැදගත් ආයතන දේශපාලකරණය හා ආයුධකරණය වීමෙන් වලක්වා ගැනීමටයි.

 

අවසනාවකට අපි අද මාලිමා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය එයට හාත්පසින්ම වෙනස් විනාශකාරී ප්‍රවේෂයක් ලබා තියෙනවා.  මේ ආණ්ඩුව දේශපාලන වේදිකාවේ සිටි, ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කිව්ව, විශ්‍රාමික පොලිස් නිලධාරිියෙක් ගෙනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත් කරනු ලැබූවා. ඔහුට දැන් උසස්වීමක් දීලා තියෙනවා.  මේ හා සමානම චෝදනාවක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නන්දන ගුණතිලක විසින් මතු කළා.

 

නිදහස් නීතිඥයෝ සංවිධානය මේ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඉතා අයහපත් ප්‍රවනතාවයක් ලෙස හදුණාගන්නවා. අපි මැදිහත් වූ සිද්ධි කිහිපයක් මම මතක් කරන්නම්.

* ආණ්ඩුවේ විධායකයේ ඉන්න ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ගැන කිසිම විමර්ශනයක් කරන්නේ නෑ. වසන්ත සමරසිංහ, ලාල් කාන්ත

* ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගල් අඟුරු සමාගමේ හොරකම් ගැන සවිස්තර තොරතුරු පැමිණිලි කළා.  2017 හෝ 2018 වාර්තා ලියාගත්තා.  දැන් ආය කොමිසමක් දාලා තියෙනවා. කලින් එකට වෙච්ච දෙයක් නෑ.

* ජයවර්ධනපුර  විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝහලේ බෙහෙත් දෙන ගමන් අත්අඩංගුව ගත්තා. ලෝකයේ තියෙන සේරම චෝදනා එල්ල කලා. වෛද්‍යවරියගේ දුවටත් පස්සෙන් පන්නලා ගැහුවා. දැන් ජයවර්ධනපුර ස්නායු වෛද්‍ය ඒකකය, එතනට වැඩිම ආදායම ගෙනාපු ඒකකය වහලා දැම්මා. මේ සිද්ධියෙන් ජපන් රෝහලේ තවත් වෛද්‍යවරු රස්සාවෙන් ඉවත් වුණා. ජයවර්ධනපුර රෝහලම දැන් පාඩු ලබන ලෙඩ්ඩු එන්නේ නැති තැනක් බවට පත් වෙලා. දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඇඳ කුලියට දීලා මාධ්‍ය සංදර්ශන දානවා.  

* වෛද්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, සරළවම කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව කියවන්න බැරිව රාජිතව රිමාන්ඩ් කළා. මොකද ඔහු විපක්ෂයේ නිසයි.

* හයේ පොතට කුණුහරුප ලින්ක් දැමීම.  රජයේ මුදල් වැය කරලා පොත් අච්චු ගහලා දැන් කොළ ඉරලා රජයට පාඩු කරලා තියෙනවා. කිසිම ක්‍රියාමාර්ගයක් මේක කරපු රජයේ නිලධාරීන්ට ආණ්ඩුවේ සමලිංගික ප්‍රවර්ධන දේශපාලනඥයින්ට විමර්ශනත් නෑ. නඩුත් නෑ.

 

සුප්‍රීම් උසාවියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමෙකු වන යසන්ත කෝදාගොඩ මැතිතුමා, තීරණයක් දීලා තියෙනවා අවට ගියාට පුද්ගලයින් අත්අඩංගුවට ගන්න එපා . විමර්ශන අවසන් කරලා හොයලා බලලා අත්අඩංගුවට ගන්න කියලා. මේ තීන්දුව නියෝගයක් ලෙස පොලිස්පති හරහා තමයි හැම පොලීසියකටම දීලා තියෙන්නේ.  

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමාගේ රිමාන්ඩ් සිද්ධිය බලන්න. යසන්ත කෝදාගොඩ විනිසුරුට අමතරව නීතිපතිත් කිව්වා විමර්ශන අවසන් කර අත්අඩංගුවට ගැනීම් කරන්න කියලා. සමන් ඒකනායක පොලීසියට කැඳවව්වා. එතනට එනකොට එන්න එපා කිව්වා. පස්සේ අත්අඩංගුවට අරගෙන උසාවියට කිව්වා පොලීසිය මගහරිනවා කියලා. පූසන්ට මාලු තම්බලා ගිහින් හැංගිලා ඉන්නවා කියලා. අභිලාෂය වුනේම සමන් ඒකනායක ලේකම්වරයා රිමාන්ඩ් කිරීම.

භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක් මංකොල්ල කෑම ගැන මේ දක්වා විමර්ශන සිදු වෙන්නේ මන්දගාමීව.  මුලික විමර්ශන වෙනස් කරපු ලේකම් හර්ෂණ සුරියප්පෙරුම පුටුවේ ඉන්නවා. හොරුත් ගැන කිසිම කතාවක් නෑ.

රාජ්‍ය පරිපාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගත්තේ රු. ලක්ෂයකට සිද්ධියකට.  බොහෝ දෙනා හිතුවා ඔහු මාලිමාවට උපකාර කළ නිසා, ජනාධිපති ලේකම් ධූරයට පවා පත්වෙයි කියලා. ඔහු සුවිශේෂ සිවිල් නිලධාරියෙක්.  ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ මාළමේ අවමංගල්‍ය ශාලාවක දී, මිනියට අවසන් ගෞරව දක්වන අතරතුර යි. ජනාධිපති ලේකම් වෙයි කියන හිතන කෙනා, එහෙම FCID එකෙන් අත්අඩංගුවට පත් වෙන කොට රටට කිව්වේ නීතිය සැමට සමානයි කියලයි. හැබැයි එතන සිද්ධ වුනේ, වජිරාරාවේ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ද වන මායාදුන්නේ උඩම පුටුවකට යන එක වලක්වන්නයි.

නිවැරදිව අපක්ෂපාතීව, විමර්ශනය නිවැරදිව සිදු කරන්නේ නැතුව, චෝදනා ගොනු කරන්නේ නැතුව, දැන් උසාවියට බලපෑම් කරනවා හිරේ දාන්න කියලා. මේක තමයි මැයි පළමුවෙනිදා විධායක ජනාධිපතිගේ - කැබිනට් මණ්ඩලයේ කටින් පැන්නේ මැයි 25 හිරේ දානවා අත්පුඩි ගහන්න කියලා.

 

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී යාන්ත්‍රණය  දේශපාලකරණය හා ආයුධකරණය  වන්නේ නම්, මහජන විශ්වාසය බිඳවැටෙනවා. නීතියේ ආධිපත්‍ය දුර්වල වෙනවා. 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් අමාරුවෙන් දිනාගත් ජයග්‍රහණ අඩපණ වෙනවා. එමගින් සිදුවන්නේ යහපාලනයේ පදනම විනාශ වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව විනාශවීමයි.  

 

අපි මේ ආණ්ඩුවට කියනවා, අපේ රට බොහෝ අමාරුවෙන් ‍ගොඩනගාගත් ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණවල ආත්මය, හරය, ගැඹුර, වටිනාකම් ආරක්ෂා කරන්න කියලා. මේ ආයතනවල ගෞරවය රට වැසියා වෙනුවෙන් රකින්න කියලා. දේශපාලන පක්ෂපාතීත්වය මත මේ ආයතන මෙහෙයවන්න එපා කියලා.

අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත් වන්නේ බලය සංකේන්ද්‍රණය වීමෙන් නොව, ශක්තිමත්, විනිවිද පෙනෙන විමර්ශන ක්‍රියාවලියක්, නඩු පැවරීමේ ක්‍රියාවලියක්, පොලීසියට, අල්ලස් කොමිසමට ලබාදිය යුතුයි.  පුද්ගලයින් ඉලක්ක කර ගත් දඩයමකින් රටකට යහපතක් වෙන්නේ නෑ!

 

WhatsApp Image 2026 05 18 at 15.13.05 1
කීර්ති තෙන්නකෝන් ගේ මෙම ප්‍රකාශය මඟින් මතු කරන ප්‍රධාන කරුණු කිහිපයකි:

ප්‍රධාන බලපෑම් සහ අවදානම්

අත්තනෝමතික පාලනයක් බිහිවීම:
අපරාධ පරීක්ෂණ සහ නඩු පැවරීමේ ක්‍රියාවලිය දේශපාලන අවශ්‍යතා මත හසුරුවන විට රටක් ඒකාධිපති හෝ අත්තනෝමතික පාලනයක් කරා ගමන් කිරීමේ දැඩි අවදානමක් පවතී.

දේශපාලනීකරණය සහ ආයුධකරණය:
දූෂණ විරෝධී යාන්ත්‍රණයන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමේ ආයුධයක් ලෙස භාවිත කිරීම සමස්ත පද්ධතියේම විශ්වාසනීයත්වය බිඳදමයි.

පශ්චාත් යුධ සමාජයක සංවේදීතාව:
දීර්ඝකාලීන ගැටුම්වලින් පීඩා විඳි රටක ජනතාවට සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත් නැවතත් සමාජ නොසන්සුන්තාවන් ඇති විය හැක.


ස්වාධීනත්වයේ වැදගත්කම

නිරපේක්ෂ නිදහස:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ දූෂණ විරෝධී ආයතන පාලක පක්ෂයේ හෝ වෙනත් කිසිදු දේශපාලන බලවේගයක අතකොළුවක් බවට පත් නොවිය යුතුය.

සම අයිතිය:
ජාතිය, ආගම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොතකා සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සමාන සැලකීමක් ලැබිය හැක්කේ ආයතන ස්වාධීන වූ විට පමණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන් | The Leader