පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත්

මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමඟින් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය.

 එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ හේතුවෙන් ව්‍යවස්ථාව මගීන් පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් නිසිලෙස ඉටුනොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

කෝප් කමිටු සභාපතිවරයට එරෙහිව එල්ලවී ඇති චෝදනා පහතින්,

* එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම,

* කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම,

* කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.

Cope latter 2023

චෝදනාවලට කෝප් කමිටු සභාපතිගෙන් පිළිතුරු


කෝප් කමිටුව රැස්වීමට සභාපති රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා සහභාගිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රශ්නකර සිටියේය.

සිය පුත්‍රයා කෝප් කමිටු පරිශ්‍රයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර, පෙන්වා දෙන්නේ තමන් කළ ඉල්ලීමට අනුව තම සම්බන්ධීකරණ ලේකම් කණිෂ්ක බණ්ඩාර ට කෝප් කමිටුව පැවැත්වෙන පරිශ්‍රයේ රැඳී සිටිමට 2022 ඔක්තෝබර් 13 වනදා පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරියා අවසර ලබාදී ඇති බවය.

එසේම මීට පෙර වෙනත් විෂයන් සම්බන්ධයෙන් කෝප් කමිටු රැස්වීම් පැවැත්වූ අවස්ථාවන්හිද කණිෂ්ක බණ්ඩාර එම පරිශ්‍රයේ රැඳී සිට ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර නිකුත් කළ ලිපියේ දැක්වෙයි.


 එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ආරම්භ කළ ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියක උපදේශකයෙකු ලෙස තමන් සේවය සපයන බවට එල්ල වූ චෝදනාවටද මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රතිචාර දැක්වීය.

ඔහු පවසන්නේ 2018 වසරේ ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාල සභාපතිධුරය දැරූ කාලවකවානුවේ ක්‍රිකට් පාසලක් ආරම්භ කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් එම කටයුත්තේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බවය.

කෙසේ වෙතත් එම කටයුත්ත අතරමැද නැවතුනු අතර ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදුනොකළ බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය නිවේදනයෙන් පැහැදිලි කර සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහාවන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සඳහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළද ඒ වෙනුවෙන් ඒ මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බවය.


සබැඳි පුවත් :
සභාපතිගේ පුතා කෝප් කමිටුවේ වාඩිවුනේ කොහොම ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්