රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්.

ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී 17දා යෝජනා කළේය.

ඒ සඳහා ක්‍රියා කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඉදිරි කටයුතු ගත යුතු යැයි ද හෙතෙම ඉල්ලා සිටි අතර ඉහත කණ්ඩායමෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සජබය කටයුතු කරන බව ද කීය. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂපාතී ලෙස අනුර කුමාර දිසානායක සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන් ද අදහස් පළ කළ අතර ඇමැති බන්දුල ගුණවර්ධන ඊට විරුද්ධව අදහස් දැක්විය. 

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

'' දැන් මුළු රටේම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවාද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තව දුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.''



''මුදලින් වන්දිය ගෙවිමට සිද්ධවෙනවා'' - විපක්ෂ නායක 

මේ අතර 'සක්වල සුහුරු' පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 48 වැනි අදියර යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත පාසලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුයේ, රට බංකොලොත් කිරීමට මුල් වූ පුද්ගලයන්ට ජනතාවගේ ආදායම් මාර්ග විනාශ කිරීමේ වන්දිය මුදලින් ගෙවිමට සිදුවනු ඇති බවයි. 

*හොරු අල්ලන්න රාජ්‍ය බලය ඕන නැහැ. විපක්ෂයේ සිට ක්‍රිකට් හොරුයි මහ හොරුයි හැමෝම අල්ලන හැටි අපි පෙන්නුවා'' යයි ද ඔහු එහිදී කියා සිටියේය.

මීට දින කිහිපයකට පෙර, රට බංකොලෙත් කිරීමට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් සහ සමගි නීතිඥයන් එකතු වී ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩබ්.ඩී. ලක්ෂමන්, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල, පී.බී. ජයසුන්දර සහ මූල්‍ය මණ්ඩලයේ නිලධාරීන් රට බංකොලොත් කිරීමට හේතු වූ බවත් ඔවුන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට රටට පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තව පර්යේෂණ අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු දෙනාටම ලක්ෂ 220කගේ ජන ජීවිත, ආදායම් මාර්ග විනාශ කළාට මුදලින් වන්දි ගෙවීමට සිදුවන බවත් එවිට රටෙන් හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂයේ සිටි ලක්ෂ 6000ක් වටිනා වැඩ කොටසක් සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ සමගි ජන බලවේගයට හොරු අල්ලන හැටි කියා දෙන්න අවශ්‍ය නොවන බවත් හොරු අල්ලන්න බලය ලබා දෙන්න කියා කියනවා වෙනුවට විපක්ෂයේ සිට හොරු කවුද කියා අනාවරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. 



''රට බංකොලොත් කළ රාජපක්ෂවරු එක්ක වත්මන් ජනපති කේක් කපනවා''

මේ අතර බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ වාහල්කඩ සසුනට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ දිනයේ සහභාගී වූ විපක්ෂනයකවරයා, ''රටේ ජනතාව හාමතේ ඉන්නකොට රට බංකොලොත් කළ රාජපක්ෂවරු එක්ක වත්මන් ජනපති කේක් කපනවා'' යයි චෝදනා කර සිටියේය.. 

රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරණ බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

දේශපාලන ගජමිතුරන් එකට එකතු වී ඔවුන්ගේ පවුල්වල ඇති අඩුපාඩුකම් පිරිමහ ගෙන සැපවත් ජීවිතයක් ගත කළත් රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට එදිනෙදා වේල් වත් පිරිමහ ගන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ පාලකයන්ට රටේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් කැක්කුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසිය. 

 රටේ ලක්ෂ 220 ජනතාවට රට බංකොළොත් වීම නිසා තමාට සිදුවූ පාඩුව සහ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය හමුවට යාමේ මාර්ගය  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා විවෘත වූ බවත් ඒ සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

මෙම පෙත්සම තුළින් සමගි ජන බලවේගය වන්දි ලබා නොගත්තත් රටේ ලක්ෂ 220ට වන්දි ලබා ගැනිමට සහයෝගය ලබා දෙන බවත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ ජනතාවට යම්කිසි පිළිසරණක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්