leader s

ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව පෙන්වීම සඳහා අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක අත් අඩංගුවට ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක සහ සෙසු පිරිස වංචාවලට සෘජුව සම්බන්ධ නොවූ අය බවත් ඔවුන් බෙහෙත් තොග බාරගත් අය පමණක් බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය.

වෛද්‍ය කපිල වික්‍රමනායක රාජකාරි නිවාඩු ලබා ගනිමින් බොහෝ කාලයක් විදෙස් ගතවී සිටි බව කවුරුත් හොඳින් දන්නා කරුණක් බවද වෛද්‍ය බෙල්ලන පැවැසුවේය.

විමර්ශන ප්‍රගතිය ගැන සැකයක් !


මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන රවී කුමුදේශ් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව සැක මතුකරයි.

 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභපතිවරයා වන රවී කුමුදේශ් පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉමුයුනෝග්ලොබියුලින් ක්‍රියාන්විතයට අනූව, ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණික ඇගයිම් කමිටුව සහ හිටපු සෞඛ්‍ය ඇමති වරයා නිදොස්කොට නිදහස් කර ඇති බවක් ප්‍රදර්ශනය වන බවයි.

 
'' වෛද්‍ය සැපයීම් අංශය කියන්නේ මේ ගණුදෙණුවේ අවසාන කොටස. වෛද්‍ය සැපයීම් අංශය විතරක් ඉලක්ක කිරීමෙන්, අපරාධ කරුවන් සුක්ෂමව අපරාධය සාධාරණය කරමින් ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව සැබෑ අපරාධකරුවන් වෙත අනුකම්පාව හදා ගනිමින් ඉන්නවා.''

'' හොර ඉමියුනෝග්ලොබියුලින් එන්නතේ තිබුණේ මොනවාද කියලා තවම හොයා ගන්න බැරිවෙලා තියනවා. වඩාත්ම අසාධාරණයට ලක් වෙච්ච රෝගීන් ගැන හොයන්න කවුරුත්ම නෑ. රිටුක්සිමැප් පිළිකා එන්නත දෙදහකට දීලා. ඒකත් හොර එකක්. අසාත්මිකතා පිලිබඳ ඖෂධ අධිකාරිය මෙතෙක් කල පරීක්ෂණත් සැක සහිතයි. අලුත් සෞඛ්‍ය ඇමති, ලේකම්, NMRA සභාපති පත් වෙන්නේ මේ රෝගීන්ට වෙච්ච අසාධාරණය  නිවැරදි කරන්න. ඒ නිසා ඒක මග හැරලා යන්න ඒ අයට බැහැ. හොර සහ බාල ඖෂධ හේතුවෙන් අසාධාරණයට ලක්වෙච්ච රෝගීන් ගැන හොයන්න වාහම කමිටුවක් පත් කරන්න කියලා අපි සෞඛ්‍ය ඇමතිවරයාට සහ ලේකම් වරයාට බල කරනවා.'' රවී කුමුදේශ පැවසිය.


ඖෂධ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අල්ලන්නේ නැත්තේ ඇයි? - විපක්ෂ නායක

 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි දැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රශ්න කළේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගන්නේ ඊට සම්බන්ධ සාමාන්‍ය පුද්ගලයන් බවත් එම වංචාවට සම්බන්ධ ප්‍රබල චරිත කැබිනට් මණ්ඩලයේ පවා සිටින බැවින් එම මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.


සබැඳි පුවත් :
ඖෂධ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අල්ලන්නේ නැත්තේ ඇයි? - විපක්ෂ නායක


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්