leader s

දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන

බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු එබව කියා සිටියේ, මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂද සිල්වා, හර්ෂණ රාජකරුණා, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මුජිබර් රහුමාන්, විජිත් විජයමුනි සොයිසා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


සබැඳි ලිපියක් :
රට බංකොලොත් කළාට නඩු දැමිය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 ටයි -(කුසල් පෙරේරා)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්