කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර

තිබේ.

ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත "බුවනෙකබා රාජ සභා මණ්ඩපය" සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබේ.

හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගියදා අභියාචනධිකරණය විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම්දීම සිදු කළේය.

යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

 මෙහිදී පෙත්සම්කාර කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවා දායකයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

 

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් ඉල්ලා අස් කරගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු දන්වා සිටියේය.

ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා, එම ඉල්ලීම ඇතුළත් දැනටමත් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත් සඳහන් කළේය.

ඒ අනුව අදාළ මෝසම පිළිබඳව කරුණු සලකා බැලීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මෝසම ඉදිරි දිනයක ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

අදාළ මෝසම කැඳවන දිනය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දීමට නියමිතය.

87cf7f9d5244bff9d5b7d7231a3fe62cb4e42160
සබැඳි පුවත් :
කඩා දැමූ 'රාජ සභා මන්දිරයේ' ඇත්ත කතාව - නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්