leader s

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙහෙයවීම යටතේ ඊයේ (17) අලුයම සිට

ක්‍රියාත්මක කෙරෙන 'යුක්ති' මෙහෙයුමේදී මේවනවිට සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් සැකකරුවන් 12 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

එසේම, සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරිහු එක්ව ගතවු පැය 24 කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් 2kg 232g
අයිස් 769g
ගංජා 178kg 916 g
ගංජා පැල 30550 ක්
ඈෂ් 35kg 89g
මාවා 626g
 තූල් මත්ද්‍රව්‍ය 102g
මත්පෙති 3489 ක්

Wagu12


සබැඳි පුවත් :
'යුක්තියේ' මෙහෙයුම ආරම්භක දිනයේම 83ක් මාට්ටු
'මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්, උදව් කරන්න' - දේශබන්දු තෙන්නකෝන්
'මම පොලිසියට කාලය දීලා තියන්නේ ජූනි 30 වෙනකම් විතරයි' - ඇමති ටිරාන්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්