leader s

දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්

කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන් වේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

එමෙන්ම පසුගිය අරගල සමයේ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කටයුතු සමයේ බව මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

මේ අනුව රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත් ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සම්හි වැඩිදුරටත් දක්වා ඇත.


(adaderana.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්