leader s

මෙරට උපත් සංඛ්‍යාවේ පහළ බැසීම දිගටම පැවතියහොත් වසර 2027දී ශ්‍රී ලංකාවේ ප්‍රක්ෂේපිත ජන සංඛ්‍යා අගය මිලියන 23.1කට වඩා තරමක් අඩු

විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසීය.

ලෝක ජන සංඛ්‍යාවට අදාළ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මිලියන 134ක් වුවද මෙරට දරු උපත්වල අඩු වීමක් දිගින් දිගටම දක්නට ලැබෙන බවත් ප්‍රක්ෂේපන අනුව වර්ෂ 2019- 2023දී ජන සංඛ්‍යාවෙන් පුද්ගලයන් දහසකට උපත් 12ක් දක්වා අඩු විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව වැඩි වශයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීම, විවාහ වන වයසේ තරුණ තරුණියන් වැඩි පිරිසක් විවාහ නොවී සිටීමට තීරණය කර තිබීම මෙන්ම කොවිඩ් වසංගතයෙන් විශාල පිරිසක් මියයෑම් වැනි කරුණු ජන සංඛ්‍යාවේ වර්ධනය සඳහා ඍණාත්මක ලෙස බලපා ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

වසර 2019දී සිදු කළ අධ්‍යයනයකට අනුව මෙරට වයස අවුරුදු 15-24 අතර තරුණ ප්‍රජාවගෙන් සියයට 85කට වඩා පෙම් සබඳතා පැවැත්වුව ද ඔවුන්ගෙන් එම සබඳතාව විවාහයක් දක්වා ගෙන යෑමට කැමැත්ත පෙන්වූවන් වාර්තා වූයේ සියයට 50ටත් වඩා අඩුවෙන් බව ද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අනාවරණය කළේය.

(silumina.lk - සුරේකා නිල්මිණි ඉලංකෝන්)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්