leader s

කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට 'කෙහෙළිය ගෝ ගම' නමින් විරෝධතාවක

නිරතවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දක්වා තිබුණි.

ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගන්න බවට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වින.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කර තිබිණ.

‘සාක්ෂි තිබියදීත්, ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? වහා අත්අඩංගුවට ගනු’ යන සටන් පාඨය යටතේ මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.

එහිදී සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් පොල් ගසා දේව කන්නලව්වක් ද පැවැත්වීය.


කෙහෙළිය අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පලවී ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට අද (31) උදෑසන 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් ද කර තිබිණ.

කෙසේ වෙතත්, ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අමාත්‍යවරයාට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රාජකාරී කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි වූ බවයි.

ඒ වෙනුවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්