leader s

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ සභාපති

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.

රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම් රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත් එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.

බරපතල ප්‍රතිවිපාකවලට සැරසෙන්න !


හිටපු හමුදාපති දයා රත්නායක වහාම සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව තමන් මෙම ඉල්ලීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් කරන ලද බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් තමන් පක්‍ෂය හැර නොයන නමුත් එම පත් පත් කිරීමට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කලේය.

දයා රත්නායක පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවා එකඟතාවයක් නැති බවද ඔහු සඳහන් කළේය.

හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මේ පිලිබදව අප්‍රසාදය තමන් හා සඳහන් කළ බවද ෆොන්සේකා තවදුරටත් කියා සිටියේය.

පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බවත් මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසුවේය.


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්