leader s

ජනාධිපතිවරයා විසින් අද (07) දින පාර්ලිමේන්තු සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට කෙහෙළිය රඹුක්වැල්ල විසින් තීන්දුකර ඇති බව වාර්තා වෙයි.


09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (07) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

කෙසේවුවද අනිකුත් දිනවල පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවන බව ඔහු පවසා නොමැති බවද වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමේ අවස්ථාවට සහභාගී කරවන ලෙස කථානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගත වූ අවස්ථාවල ඔවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී කරවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.

කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (06) පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය.



සබැඳි පුවත් :
කෙහෙළිය හෙට (07) මැතිසබයට !


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්