ලිංගික හිංසන චෝදනා එල්ල වී තිබෙන වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධානියකු ආරක්ෂා කරන බවට එහි පාලන අධිකාරියට සේවකයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.


එහි සේවකයන් පෙන්වා දෙන්නේ එම නිලධාරියා හට පරිපාලනය හා මානව සම්පත් කළමණාකරනය ගැන මූලික අවබෝධයක් හා අත්දැකිම් නැති බවටයි.

ඔහුට අවනත නොවූ කොළඹ දිස්ත්‍රික් මහරගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරියකට ව්‍යාජ චෝදනා එල්ලකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට මාරු කිරීම ඉන් එක් සිදුවීමක් බවයි ඔවුන් පවසන්නේ.

ඇයට සිදු වූ අකටයුතු සම්බන්ධයෙන් එම උපදේශකවරිය මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි කර තිබේ ඇති කර ඒ පිළිබඳව  විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අවදානයට යොමු කර තිබේ.

 

ජනාධිපති හා අගමැතිවරයා මේ පිළිබදව නිසි විමර්ශනයක් සිදු කරන ලෙස දන්වා ඇතත් වෘත්තිය පුහුණු අධිකාරියේ නව සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට චූදිත නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ආරක්ෂා කරමින් සිටින බවට සේවකයෝ චෝදනා කරති.

 

සේවකයෝ පවසන්නේ මෙම නිලධාරියට එරෙහි චෝදනා සම්බන්ධ ක්‍රියාමාර්ග නොගන්නා සභාපතිවරයා උපදේශකවරිය තම ආයතනයේ ඉහළ නිළධාරියෙකුට එරෙහි වීම විනය විරෝධී ක්‍රියාවක් සේ සළකා කටයුතු කරමින් සිටින බවයි.

වෘත්තීය පුහුණු අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය ලවා ඇයට අවාසි සහගත ඒක පාර්ශවීය විමර්ශනයක් සිදු කර ඇති බව ද ඔවුන් පවසති.

 

එහෙත් ජාතික විගණන වාර්තාවට අනුව අහංගම හෝටල් පාසල සදහා රුපියල් කෝටි 14 කට වඩා අවභාවිතා කිරීම හා ආයතනයේ ඉහළ නිළධාරියෙකු සංස්කෘතික අරමුදලේ ද සේවය කරමින් රුපියල් ලක්ෂ 54 ක් ලබා ගැනීම වැනි සිදුවීම් අභ්‍යන්තර විගණන අංශයට හසුවී නොමැත.

 

පරිපාලනය හා මානව සම්පත් කළමණාකරනය ගැන මූලික අවබෝධයක් හා අත්දැකිමක් නැති මේ ඉහල නිලධාරියා, සේවයකයන්ගේ සුළු ප්‍රශ්න පවා නීතිපතිවරයාගේ උපදෙස් සදහා යොමු කොට කල් මරමින් පලි ගැනීමද ඔහුගේ ක්‍රමවේදයක් බවයි සේවකයින් පෙන්වා දෙන්නේ.

මීට පෙර වැඩ බලන පරිපාලන අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූයේ නිරෝෂන් පෙරේරා නැමැති පරිපාලන අංශයේ අවුරුදු 20 ක් පමණ අත්දැකීම් ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා බව පවසන සේවකයන්, ඔහු වහාම නැවත පරිපාලන අංශයේ සේවයේ පිහිටුවන ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image