* විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි!

* විශ්ලේෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.


දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන රට බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාව බව ආර්ථිකය හා බැඳුණු විශ්ලේෂණාත්මක තොරතුරු වාර්තා කරන පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය (PublicFinance.lk) පවසයි.

ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිබෝජනය කරන විට එම නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අයකරන්නේ ද, යන්න විමසුමට ලක් කර ඇත.

විශ්ලේෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැළකිල්ලට ගෙන ඇත. ඒ හැරෙන්නට වෙනම අයකෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැළකිල්ලට ගෙන නොමැත.

කලාපයේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ ය. නමුත්, එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු ය. විදුලි ඒකක 100ක් පරිබෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිතා කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50%කින් ඉහළ ය. ඒකක 300ක් භාවිතා කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97%කින් ඉහළ ය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබා දී, තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නකි. එම කැපවීමට අනුව ලංකා විදුලි බල මණ්ඩලය, පාරිබෝගිකයන් මත පනවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙණ ඕනෑම සහනාධාරයක් ඒකාබද්ධයෙන් එහි සම්පූර්ණ වියදම ආවරණය කරගනු ඇත.

මෙම මස (2024 පෙබරවාරි) සිදුකිරීමට සැළසුම් කර ඇති බදු අඩු කිරීම යටතේ විදුලි ගාස්තු 4%කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇත. නමුත්, එම අඩු කිරීමේ බලපෑම නොගිණිය හැකි තරම් වේ.

එහි අර්ථය නම් ශ්‍රී ලංකාවේ නිවෙස්වලට දකුණු ආසියා කලාපයේම ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවනු ඇත යන්න ය.



ElectricityCosts VR SI

මෙම දත්ත සහ ගණනය කිරීම් සම්බන්ධ තොරතුරු දැනගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්