leader s

රාජපක්ෂ ආණ්ඩුවෙන් විවිධාකාර වරප්‍රසාද හා සහන ලබාගනිමින් සිටින කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු එබව පවසා ඇත්තේ ඊයේ (01) රාත්‍රී 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

මාස ගණනාවක් තිස්සේ සුළු සුළු හේතුන් ඉදිරිපත් කරමින් සන්ධානයක් ගොඩනැගීම කල් දමමින් සිටින බවට චෝදනා කර ඇති මන්ත්‍රීවරයා, මහ මැතිවරණයක් කැඳවීමට පැය කිහිපයක් තිබිය දී පවා එකඟතාවය ඇතිකර ගැනීමට බාධාවක් වී ඇත්තේ ආණ්ඩුවෙන් මෙහෙයවන කිහිප දෙනෙකු විසින් පක්ෂය දෙකඩ කර ආණ්ඩුවට වාසියක් ලබාදීමට දරන නින්දිත උත්සහ නිසා යයි අවධාරණය කර තිබේ.

එම අවස්ථාවේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා යම් බාධාවක් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී මංගල සමරවීර පවසා ඇත්තේ, '' ඔයත් මේ කුමන්ත්‍රණයේ එක්කෙනෙක් තමයි'' කියාය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1977 සිට 1994 දක්වා වසර 17ක් විපක්ෂයේ සිටීමට සිදුවූ අතීතය සිහිපත්කර ඇති මංගල සමරවීර, මෙවැනි කුමන්ත්‍රණවලට හසුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ද වසර ගණනාවක් විපක්ෂයේ සිටීමට සිදුවනු ඇතැයි අවධාරණය කරමින්, අනෙක් කතා පසෙක තබමින් වහාම සන්ධානයක් ගොඩනැගීමට අදාල කරුණු සාකච්ජාවට ගන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එහෙත් ඉන් අනතුරුවද සුළු සුළු කාරනා ගැන දෙපාර්ශවය ගැටෙද්දී ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිටගොස් ඇත.

 සජිත් පාර්ශවය සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට

කෙසේවුවද ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද එකඟත්වයෙන් තොරව අවසන්වූ අතර දෙපාර්ශවය වෙන වෙනම තරඟ කිරීමට මේවනවිට තීරණය කර තිබේ.

ඒ, සම්බන්ධයෙන් අදහස් දැක්වූ 'සමගි ජන බලවේගයේ' මහ ලේකම් ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුයේ, ජනතා ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්