leader s

මෙරට ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද ලැබීමේ අයිතියක් ඇති බවත්, එය මානව හා මූලික අයිතියක් බැවින් එම නිදහස

සුරැකිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවයක නියැලු‍ණ අතර ඊට සහාය පළ කර අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.




වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරාත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනා මෙසේ පොලිසිය විසින් අතුඅඩංගුවට ගන්නා ලදි.

ජාති ආගම් කුලමල භේදයකින් තොරව ආගමික හා භාෂණයේ නිදහස ඇති බවත් එය මූලික හා මානව අයිතියක් කී විපක්ෂ නායකවරයා පන්සලක්, පල්ලියක් හෝ කෝවිලක් වේවා කුමන ආගමික ස්ථානයක වුවත් ආගමික කටයුතු කිරීමේ අයිතියත් ඇති බැවින් මෙම සිදුවීම සම්බන්ධව ආගමික නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.


(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා


මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්