පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


චරිත හේරත් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන්නේය.

චරිත හේරත් මන්ත්‍රීවරයා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන හතර දක්වා ඉහළ යයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඊයේ (18) කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ අතර පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ද මිට සුළු මොහොතකට පෙර කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකර ඇත. 

WhatsApp Image 2024 03 19 at 4.20.16 PM


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image