leader s

මැදින් පුන් පොහෝ දිනයේ මීගමුවේ මුස්ලිම් වෙළෙඳ සලක් තුල  බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට උත්සාහ කළ කණ්ඩායමක් ඊට විරෝධය පෑ කඩහිමියා සහ එහි සේවකයන් සමග ඇතිකරගත්  ගැටුමකින් එක් අයකු මරුමුවට පත්වී තිබේ.


මියගොස් ඇත්තේ මීගමුව පෙරියමුල්ලේ අන්සාර් හෝටලයේ සේවකයකු වු මොහොමඩ් අසීස් නමැති තිදරු පියෙකි.

පහර කෑමට ලක්ව 2020 මාර්තු 9 රාත්‍රියේ  මිය  ගිය 36 හැවිරිදි  මොහොමඩ් අසීස්  කැකිරාව - ගනේවැල්පොල පදිංචි කරුවකු බව ප්‍රදේශවාසීන් මාධ්‍යවේදීන් ට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මීගමුව පොලීසියේ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ  මේ වන විට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර සිංහල ජාතිකයන් හය දෙනකු සහ මුස්ලිම් ජාතිකයකු වේ.

මොවුන් අතුරින් අද උදෑසන  මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වු 35 වියැති ටී. අච්චුහාමි නැමැත්තෙකි.

පසුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාර්තු 9 මැදින් පොහොය දින රාත්‍රී 9.30ට පමණ මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි අන්සාර් හෝටලයකට පැමිණි පිරිසක් හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධ වී තිබේ.

එහිදී හය දෙනකුගෙන් යුත් මෙම පිරිස පිරිස හෝටල් හිමිකරු හා සේවකයින් සමඟ ආරවුලක් කරගෙන ඇත.

පසුව ඔවුන් හෝටල් හිමිකරුට සහ සේවකයන්ට තියුණු  ලෙස පහර දී පළා ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

පහර කෑමට ලක්වු  හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනකු බරපතළ තුවාල ලබා එදින රාත්‍රියේම  ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් සේවකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Pariyamula 2020.02.10

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්