නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට

දැනුම්දී ඇති ආණ්ඩුව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙතද නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් තිබියදී තවත් සිය ගණනක් ඉහල වැටුප් පතා රුසියානු හමුදාවට බැඳීමට සැරසී සිටින බවට අල්ජසීරා පුවත් සේවය තොරතුරු අනාවරණය කර දින කිහිපයක් ගතවීමත් සමගය.

එම වාර්තාව පළවීමත් සමගම රුසියානු හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් යුත් පිරිසක් සිංහලෙන් කතාබස් කරනු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල මහත් අවධානයට යොමුවී තිබුණි.


“ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන හමුදාව සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව”  අප්‍රේල් 1 දා ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුනි.


ඉන් අනතුරුව අප්‍රේල් 03 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ආරක්‍ෂක අමාත්‍යාංශය, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

“මෙම පොදු සමා කාලය තුළ රපෝර්තු කරන අයවළුන් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන අතර, යම් අයකුගෙන් අයවිය යුතු මුදලක් ඇත්නම් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා එම මුදල් ඔහු විසින් ගෙවීමට කටයුතු කළ යුතුයැ,” යි එම නිවේදනයේ සදහන්ය.

මෙම පොදු සමා කාලය අදාළ වන්නේ 2024.04.02 දිනට පෙර සිට නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණකි.


නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙතද නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව මෙම පොදු සමා කාලය තුලදී කොන්දේසි සහිතව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අනුමැතිය ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


එහි පළමු කොන්දේසිය ලෙස දක්වා ඇත්තේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නිම නොවූ විනය කටයුතු නොපැවතිය යුතු බවයි.

එමෙන්ම ඔවුන් නීති විරෝධී ක්‍රම මගින් විදේශගත වූ හෝ වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛණ සකස් කර විදේශගත වී නොමැති අයවළුන් විය යුතු බවද එහි සදහන්ය.

“ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිතා කරමින් හෝ විදේශ ප්‍රදායක ආයතන වෙතින් ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙන ලද අවස්ථාවන් මගින් විදේශ අධ්‍යයන කටයුත්තක්, රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් හෝ වෙනත් කිසියම් කාර්යයක් සඳහා විදේශ ගත වී නැවත මෙරටට වාර්ථා නොකරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පොදු සමා කාලය අදාළ නොවන” බව ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 03 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයන් දෙදෙනකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය අනාවරණය කර තිබුනත් ඒ බව මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළ බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.

යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් තිදෙනකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනි.

 
සබැඳි පුවත් :

ශ්‍රී ලාංකිකයින් 150ක් රුසියානු හමුදාවේ ! -(Sandeshaya by Saroj වීඩියෝවක්)

රනිෂ් හේවගේ සමග තුවාල ලැබූ ලංකාවේ කොල්ලා යළිත් යුක්රේන සටන් බිමේ (වීඩියෝ)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්