පසුගිය සති කිහිපය පුරා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වූ සජිත්- අනුර විවාදය''ට ඊයේ (06) දිනය යොදාගෙන තිබුනද ජාතික ජන

බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊට සහභාගී වුවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවිය. 

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අතර ජුනි 06 දා පැවැත්වීමට යෝජිත රූපවාහිනි සංවාදය සජීවී ලෙස විකාශය කිරීම සඳහා පහසුකම් සැපයීමට සුදානම් බව ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ජුනි 04 දා දෙපාර්ශවය වෙත ම දැනුම්දී තිබු අතර ඒ සම්බන්ධයෙන් සිය මාධ්‍ය ජාලය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ද දියත්කර තිබිණ. 

ඒ අනුව, එම විවාදය සඳහා තම පක්ෂයේ නායක අනුර දිසානායක සහභාගීවීමට සූදාමින් සිටින බව ජාතික ජන බලවේගය විසින් ස්වාධින රුපවාහිනී සේවයට (ITN ) පෙරේදා (ජුනි 05) පස්වරුවේ නිල වශයෙන් දැනුම්දී තිබිණ. 

ITN ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඊයේ (06) දහවල් මාධ්‍යවෙත පවසා තිබුනේ, ජුනි 06 දා රාත්‍රී 10.00 සිට සිය මාධ්‍ය ආයතනය සතු HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට ITN නාලිකාව සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. සමගි ජන බලවේගයේ නායකයා එම විවාදයට අවසන් මොහොතේදී හෝ සහභාගිවනු ඇතැයි ඔහු විස්වාසය පළකළේය.  

එහෙත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත ඊයේ සවස ලිපියක් මගින් දැනුම් දී තිබුනේ, තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විවාදයට සහභාගි නොවන බවයි. පළමුව ආර්ථික කමිටු විවාදය සහ ඉන් අනතුරුව නායකත්ව විවාදය යන්න යෝජිත විවාදය සම්බන්ධව තම පක්ෂයේ අනිවාර්ය කොන්දේසිය බව එම ලිපිය මගින් අවදාරණය කර තිබිණ.

 

කෙසේවුවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නියමිත වෙලාවට ITN  ආයතනය වෙත පැමිණ සිටි අතර සජිත් ප්‍රේමදාස නොපැමිණි තත්වය තුල විවාදය නොපවත්වා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සජීවී සංවාදයකට දෙපාර්ශවය එකඟවිය. ඒ අනුව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පනවා තිබු අසුන ඉවත් කිරීම වඩා සුදුසු බවට අනුර කුමාර දිසානායක කල යෝජනාවට ITN බලධාරීන් එකඟවීමෙන් පසු සංවාදය ඇරඹින. 

 

සුපුරුදු පරිදි මෙම ''තුලාව '' දේශපාලන වැඩසටහන මෙහෙයවනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ විසිනි. 

මේ අතර ඇතැම් මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ස්වාධීන රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කළ එම සංවාදය නැරඹීම සඳහා ආරම්භයේදී අවම වශයෙන් මිලියන 4ක් එකතු වි සිටි බව යි. එහි අවසානය දක්වා මිලියන 2.7ක් පමණ නරඹා ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

සැලසුම් කළ පරිදි එම විවාදය පැවතියේ නම් එය නැරඹීම සඳහා එකතු වන පිරිස තවත් ඉහළ යා හැකිව තිබුණු බවට ද මත පළ කරති. රූපවාහිනී යන්ත්‍ර මගින් එය අවසානය දක්වා නරඹන ලද මිලියන 2.7ක් පමණ වූ දළ ප්‍රේක්ෂකයන්ට අමතරව විශේෂයෙන් ම විදේශගත ශ්‍රී ලාංකිකයන් අද දහවල් වනවිට යූටියුබ් මාධ්‍ය ඔස්සේ ලක්ෂ තුනකට ආසන්න ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වූ එම වැඩසටහන නරඹා තිබිණි.


සබැඳි පුවත් :

විවාදයට සහභාගී නොවනබව සජිත් දැනුම් දේ

සජිත් - අනුර අද විවාදය : 'අනුර සුදානම් - සජිත් ගෙන් තාම පිළිතුරක් නැ' - ITN  සභාපති 

ජුනි 6 විවාදයට එන බව අනුර දැනුම් දේ - සජිත් නිහඬයි!

සජිත්-අනුර ජුනි 06 විවාදයට ITN තුලාව වෙන්කරයි

සමාජ මාධ්‍යවල පලවී ඇති සටහන් කිහිපයක්.

ආචාර්ය මහේෂ් හපුගොඩ 

447791765 10229238129952322 5410136317965952451 n


සරලවම කරන්න තිබ්බේ හර්ෂ ද සිල්වාට සජබේ නායකත්වය දෙන එක. එතකොට මේ තාක්ෂණික ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආර්ථික කමිටු විවදෙත් සිද්ද වෙනවා. නායක විවදෙත් සිද්ද වෙනවා. තව මොනවා හරි විවාද තිබ්බනම් ඒවත් සිද්ද වෙනවා. පාක්ෂිකයන්ට වගේම අනික් මිනිස්සුන්ටත් සාධාරණයක් වෙනවා. 

 

සජිත්ට තාම මතක එයාගේ තාත්ත දේශපාලනය කරපු විදිය. ඒ කියන්නේ විරුද්ධව හිටපු මිනිස්සු නැතිකරලා තනියම මයික් වලට කතාකරපු වන් වේ දේශපාලනය (one way politics). 

මේ ෆොටෝ එක දැම්මේ බුකියෙන් කොන්වෙයි කියල බයට....

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය 

 

445029346 10161093454469818 4075409924461974559 n

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්