ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමට කිසිදු ඉඩක් නොමැති බැවින් ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ශ්ව කිහිපයක් අද (11) අවධාරණය කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්ති දෙකක පවතින කරුණු සැලකිල්ලට ගනිමින්  ජනාධිපතිවරයාට වසර 6 ක් බලයේ සිටීමට අවස්ථාවක් තිබේදැයි ,දැන් ඇතැම් පාර්ශ්ව තර්ක කරමින් සිටී.

මොකක්ද මේ අලුත් තර්කය?

වසර 6 ක් ලෙස පැවති ජනාධිපතිවරයාගේ ධුර කාලය  19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයෙන් වසර  5 ක් ලෙස සීමා කළේ ය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32  වගන්තියේ පැහැදිලිව සඳහන් වන පරිදි  ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කි.

මේ අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳ සඳහන් කරඇති 32  වගන්තිය වෙනස් කොට ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කිරීමට නම්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

නමුත් ඇතැමුන් තර්ක කරනුයේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 ට වඩා වැඩි කරනවා නම් පමණක් තුනෙන් දෙක හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එනම් දැනට වසර 5ක් වන ධුර කාලය වසර 6 ක් ලෙස වසරකින් වැඩි කිරීම  ජනමත විචාරණයක් නොමැතිව සිදුකළ හැකිබව ඇතැමුන්ගේ තර්කය වී තිබේ.

(News 1st)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්