බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට පසුගිය

දින කිහිපයේ දැඩි බලපෑම් එල්ලවී තිබිණැයි වාර්තාවේ.

මැක්කන් පතිරීමෙන් එහි එක් අංශයක් ඊයේ වසා දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මැක්කන් මෙලෙස පැතිර ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග ඊයේ සවස් වන තුරුම මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවද සඳහන් කළේය.

මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබූ බව වාර්තාවේ.

එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බව කියති.

නාගරික සංවර්ධන අධිකාරිය ළමා කටයුතු අමාත්‍යාංශය, ඇතුළු ආයතන ගණනාවක් මෙම දෙවන අදියර ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

මැක්කන් මර්දනයට ඊයේ සවස් වන තුරුම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම ගොඩනැගිල්ලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිනියක් පැවසුවාය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්