ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. ‍

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ද හමුවූ අනුර කුමාර දිසානායක ඔහු සමග ද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කරන ලදී.

jaffna akd 1


අනුර හා උතුරේ ආගමික නායකයින් අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය.  

මේ අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, විධායක සභික බිමල් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් හා අජිත් හැඩ්ලි පෙරේරාද, ගරු සරත් පීරිස් පියතුමා, සුසිල් හෙට්ටිආරච්චි ද එක්ව සිටියහ.

මෙහිදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි.

ගරු පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර දිසානායක ඒ පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක්ද කළේය.

 
(චතුරංග මේදිස්)

jaffna akd 2jaffna akd 3
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්