මෑත ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු අත නොගසා තිබූ, අධි ආරක්ෂිතව කංසා වගාකොට ශ්‍රී ලංකාවට විදේශ  විනිමය ගෙන ඒමේ

මහා උල්පතක් විවර කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ සූදානම් බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක සහ ආර්ථික විශ්ලේෂක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති නිදහස් වෙළඳ කලාප තුළ අධි ආරක්ෂිතව කංසා වගා කොට එහි අගය එකතු කොට, නව නිෂ්පාදන ලෙස ඩොලර්  මෙ රටට රැගෙන  නව මාවතක් ඉවර කරදීම ඉන් සිදුවන බවද ඔහු කියා සිටී.

සාම්ප්‍රදායිකව විපක්ෂයේ සිට ඕනෑම දෙයක් විවේචනය කරනවා වෙනුවට ඖෂධ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් භාවිතා කරන කංසා මෙහි වගා කොට ඒවා පිටරට යැවීමෙන් අපට ආදායම් ලබා ගැනීමට මින් ඉලක්ක කොට ඇත.

මේ සඳහා  වු වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ විසින් වසර 2022 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තු කාරක සභාව පත් කරන ලදී. එම පාර්ලිමේන්තු කාරක සභාවේ අරමුණ වූයේ කංසා වගා කොට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ළඟා කරගත හැක්කේ කෙසේදැයි විධිමත්ව, විද්‍යානුකූලව සොයා බැලීම සහ ඒවා ඉදිරියේදී  ක්‍රියාත්මක කිරීමට මාර්ග උපදේශ ලබා දීම  කළ යුතු ආකාරය අධ්‍යයනය කිරීමයි.

මේ වන විට එම මූලික කටයුතු සිදුකොට හමාරය. එදා ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මෙරට කන්සා වගාව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් වාර්තා  කොට තිබේ.  

මේ අන්දමට මෙරට වංසා වගාව සිදු කිරීමට ආයෝජනය කරන්නන් හට සිදුකරනු  ලබන සේවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල විසින් ඉදිරියේදී ලබාදෙන ඇත.

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව සහ ඊට සම්බන්ධ වුවන්  කවුරුන්දැයි හඳුනා ගැනීම පළමු වටි.

මේ සඳහා ජනාධිපතිවරයා  පත් කරනු ලැබූ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, හා සම්බන්ධ රජයේ ආයතන රාශියකි. ඊට අමතරව මේ හා සම්බන්ධ විශේෂඥ දැනුම තිබෙන ආචාර්ය මහාචාර්යවරු, ශාක හා සත්ත්ව විශේෂඥවරුන්, විවිධ ප්‍රතිපත්ති සම්පාදක හා පර්යේෂකවරුන් එක්ව සිටියහ.


arosha Fරටේ විදේශ විනය අවශ්‍යතාවය සපුරාලීම සඳහා කංසා වගාව ආරම්භ කිරීමේ ව්‍යාපෘති යෝජනා කැඳවීමට දැන් තීරණයකට ඇත. කන්සා වගාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කොට ඒවා භාවිතා කිරීමට වැඩි වශයෙන් පිරිස් යොමු කිරීමට රට සූදානම් වෙනවැයි ඇතැමෙකු නැගූ චෝදනාවලට  බියේ මෙම වැඩපිළිවෙළ  ආපසු හැරවීමට ජනපතිවරයා සූදානම් වුයේ නැත.  

 

ඒ අනුව මෙම වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී ඇත.

 එහි පළමු පියවර වශයෙන් මෙරටට කංසා වගාව කිරීම සඳහා ආයෝජනය කිරීමට කැමති  ආයෝජකයින්ගේ ව්‍යාපෘති යෝජනා කැඳවීම ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  මගින් ලබාදෙන භූමියන්හි කංසා වගාව අධි ආරක්ෂිත සිදුකිරීමට කැමති ආයෝජකයින්ට ඒ සඳහා ලබන මස 10 වෙනිදා දක්වා සිය යෝජනා වාර්තා රජයට ඉදිරිපත් කළ හ.

ලෝකයේ ප්‍රකට ඇමෙරිකාව, යුරෝපයේ, ආසියාව ආදිය ජයගත් කංසා වගාකරුවන්ගේ මහා පරිමාණ සමාගම් මේ සඳහා සිය යෝජනා ව්‍යාපෘති වාර්තා ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘති යෝජනා සෑම එකක් සඳහාම එක්සත් ජනපද ඩොලර් මිලියන දෙකක  සුරකුම්පතක් තැබිය යුතුය. අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක  ආයෝජනයක් සිදු කළ යුතුය. එවැනි කොන්දේසි සපුරන  පිරිස් වෙත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට  බලපත්‍රයක් ලබාදෙනු ඇත.

අපි දැන් ලෝකයේ කංසා වගාව සම්බන්ධ ආර්ථිකය හා බැඳුණු කරුණු ගැන මඳක් කතා කරමු.

වසර 2022 දී කංසා වගාව හා බැඳුණු ආර්ථිකයෙන් ජනපද ඩොලර් බිලියන 43.72 ආදායමක්  උපයාගෙන ඇත. එය වසර 2023 දී එක්සත් ජනපද ඩොලර් බිලියන 57.18 ආදායමක් උපයාගෙන ඇත.

වසර 2030 වන විට මෙම අංශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 444.34 අපෙන් ඇතැයි දැනටමත් ගණන් බලා තිබේ.


අධි ආරක්ෂිත කලාපවල කන්සා වගාව ආරම්භ කොට මාස තුන හතරක් ඇතුළත ආදායම් උපයා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මෙහි වගා කරන කංසා කිසිවිටෙකත් මෙරට වෙළඳපොළ නිකුත් නොකෙරේ. ඒවා ලෝකයේ ඉහළ අවදානම් සහිත රෝග වලින් බේරීම සඳහා නිපදවන ඖෂධ සඳහා යොදා ගනු ඇත. ඊට අමතරව ඉහළ ආදායම් ලැබෙන ආකාරයට අගය එකතු කළ නිෂ්පාදන ලෙස මෙරටින් ඒවා නිෂ්පාදනය කර පිටරට යවනු ඇත. 

 
මේ ආකාරයට මේ වැඩපිළි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෑමේදී ජනපතිවරයාට සහයෝගය ලබා දුන් කණ්ඩායම බොහෝය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති  දිලුම් අමුණුගම, සෞඛ්‍ය රාජ්‍ය ඇමති නීතිඥ සිසිර ජයකොඩි, හිටපු සංචාරක ඇමැති  ඩයනා ගමගේ මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
 
jkhdw33මේ වැඩපිළි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෑමේදී ජනපතිවරයාට සහයෝගය ලබා දුන් කණ්ඩායම

ලෝකයේ දැනට වගා කරන කංසා අතරින් හොඳම කන්සා තිබෙනුවේ ඇමරිකාවේ කැලිෆෝනියාවේය.

ශ්‍රී ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටකි. ඒ අනුව කංසා වගාවට සුදුසු පසක් පරිසරික තත්ත්වයක් අප රටේ ඇතැයි මේ  සම්බන්ධයෙන් පරීක්ෂණය කළ විශේෂඥ සොයාගෙන තිබේ. ඒ නිසා ලෝකයේ ඉතා ඉහළ ආදායමක් මේ වගවෙන් ලබා ගැනීමට අපට ඉඩකඩ තිබේ.

ලෝකයේ අංක එකේ තේ රබර් පොල් අප රට සතුව පවතී. එපරිද්දෙන්ම ලෝකයේ අංක එකේ කන්සා ශ්‍රී ලංකාවේ වගා කල හැකිය. එසේ කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ වීමේ විශාල ලෙස ලැබෙන මහා උල්පතක් විවර කර ගැනීමට නුදුරේදීම අවස්ථාව උදාවනු ඇත.

(ජේ. මුණසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්