රටේ ජනතාව තවදුරටත් වැල් පාලමේ ගෙනියන්න ඉඩදෙන්නේ නැහැ - දිලිත්

‘සර්වජන බලය’ ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලියට තමා සහභාගී වුයේ ජනතාවගෙන් සමාව ඉල්ලීමට බව 'මව්බිම ජනතා පක්ෂයේ' නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය.

මේ රටේ ජනතාව තවදුරටත් වැල් පාලමේ ගෙනයාමට ඉඩ නොදෙන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

ඔහු ඒ බව පැවසුවේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ ඊයේ (18) පැවති ‘සර්වජන බලය’ ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලිය අමතමිනි.

''69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම'' යන මැයෙන් පැවති එම ජන රැලියට ‘සර්වජන බලය’ එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ සංවිධාන 07ක නියෝජිතයෝ ඇතුළු තවත් පාර්ශ්ව රැසක් ඊට එක්ව සිටියහ.

එම රැලියට සහභාගී වීම සඳහා සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන 5ක සිට පාගමනින් නුගේගොඩට පැමිණ තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රමුඛ පිවිතුරු හෙළ උරුමය නුගේගොඩ තෙත් බිම් උද්‍යානයේ සිටත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ කට්ටිය මංසන්ධියේ සිටත්, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාගොඩ පාරේ සිටත්, කොමියුනිස්ට් පක්ෂ නියෝජතයින් කොහුවල මංසන්ධියේ සිට පාගමනට එක්විය.

ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය ස්ටැන්ලි තිලකරත්න මාවතේ සිට පාගමනින් පැමිණ ජන රැලියට සම්බන්ධ වුණි.

රැලිය අමතමින් ව්‍යවසායක දිලිත් ජයවීර මෙසේ පැවසුවේය.

‘‘මම නුගේගොඩට, මේ බිමට සිය වතාවකට වඩා ඇවිල්ලා තියනවා. නමුත් එකසිය එක වතාවකට එන්නේ මම දෙයක් කියන්න. මේ තැනට 2015 පෙබරවාරි 18 වැනිදා ආවේ අඳුරු යහපාලන යුගය අවසන් කරන්න. ඒ සඳහා දිවිහිමියෙන් වැඩකළ විමල් වීරවංශලා, උදයලා, වාසු සහෝදරයා එදා ඒ රැලියට මෙතැනට එද්දී ඊට පිටිපස්සේ මමත් හිටියා.

ඒ වෙලාවේ මේ රටෙත් හිටියේ නැති බැසිල් රාජපක්ෂ කියන ඇමරිකන්කාරයා අද මේ රට පාවාදෙන්න හදන ඒ උත්සාහය පරාජය කරන්න මට පෞද්ගලික වගකීමක් තියනවා. ඒ රැලිය සංවිධානය කළ අපි, එදා මේ රට බේරාගන්නවා කියලා සතුටු වුණා.

අපි ගෝඨාහය රාජපක්ෂ දිනවන්න නොකරපු දෙයක් නැහැ. මම අද මේ භූමියට ආවේ ඒ වෙනුවෙන් ඔබෙන් සමාව ගන්න. මේ තත්ත්වයට රට පත්කරපු මොළහතාණෝ, බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ඛනිජ තෙල් ඇමැති වෙලා ඉන්න කාලේ රුපියල් හතකින් තෙල් වැඩි කළා කියලා ඇමරිකාවෙන් ආවා. මේ රටේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ඇති කරපු මොළහතාණෝ තමයි ඔහු.

මේ රටේ පෝලිම් ඇතිවෙද්දී හිටිය මුදල් ඇමැති කවුද? ඔහුද අපව මේ වැල් පාලමේ එක්කන් යන්නේ? මම රටේ ව්‍යවසායකයෙක්. දේශපාලනයට එන්න මම හිතුවේ නැහැ, නමුත් මට නිහඬව ඉන්න බැහැ. ඒකයි සියල්ල කැපකරලා ඇවිත් මම මෙතැන ඉන්නේ. මේ රටේ මිනිස්සු හරිම අහිංසකයි. ඔවුන් බලන් ඉන්නවා මේ රටට වෙනසක් වෙයි කියලා. මේ මිනිස්සු වගේම අපිත් ඒ කාලේ රැලිවලට ආවම බලන් ඉන්නේ ඒක කරයි කියලා.’

රනිල් වික්‍රමසිංහ වැල් පාලමට ජනතාව අරගෙන යන්න හදනකොට අපිට නිහඬව ඉන්න බැහැ. මේ රට මේ විදියට වැටෙන්න ඉඩ දෙන්න බැහැ. මේ දේශපාලනයේ අපි විතරයි වෙනස්. මේක සාම්ප්‍රදායික දේශපාලන රැස්වීමකුත් නෙමෙයි. මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්විය යුතුයි. වෙන ක්‍රමයක් නැහැ."





dilith

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්