ඩේලි මිරර් පුවත්පත කියන විදියට යුක්රේන හමුදාවට බැඳිලා ඉන්න ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව තොරතුරු ඉල්ලලා

සති දෙකක් ගිහිල්ලත් යුක්රේනයෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබිල නැහැ.

ඒත් ආණ්ඩුව එහෙම තොරතුරක් ඉල්ලන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ. මොකද මම දන්න විදියට දැන් යුක්රේන හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් විතරයි. එයාල ගැන "සංදේශය" නාලිකාව වරින්වර වාර්තා කරලත් තියෙනව.

ඇත්ත ප්‍රශ්නය යුක්රේන හමුදාව එක්ක ඉන්න ශ්‍රී ලාංකිකයින් නෙවෙයි. ඇත්ත ප්‍රශ්නය යුක්රේන අත්අඩංගුවේ ශ්‍රී ලාංකිකයින් කී දෙනෙක් යුද සිරකරුවෝ විදියට රඳවාගෙන ඉන්නවද කියන එක.

දැනට එහෙම රඳවා ගෙන ඉන්න තුන් දෙනෙකුගේ පාපොච්ඡාරණ යුක්රේන හමුදාව සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙන බව "Sandeshaya by Saroj" නාලිකාව කළ ගවේශණයකදී දැනගන්න ලැබුණ.

යුක්රේනය මේ තුන් දෙනා ගැනම විස්තර එලියට දැම්මේ ඔවුන් අතුරුදහන් වෙලා මාස ගාණකට පස්සේ. එතකල ඒ පවුල්වල හැම දෙනාම පිටියේ පුදුම ගින්දරක. ඒ අතරින් දෙන්නෙක් ගැන පවුල්වල ය විස්තර දැනගත්තේ සංදේශය නාලිකාවෙන්. තවත් දහයකට වැඩි පිරිසක් යුක්රේන අත්අඩංගුවේ ඉන්නවා කියල ඒ පවුල්වල අය විශ්වාස කරනවා.

ඇයි ආණ්ඩුව ඒ ගැන විස්තර යුක්රේනයෙන් අහන්නේ නැත්තේ?

(සටහන - සරෝජ් පතිරණ)\

 

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්