හාමුගේ වලව්වේ කුස්සියට රිංගන දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර කියා සිටි යි.


ඔහු එබව කියා සිටියේ, ඊයේ (23) පැවති එම පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මව්බිම ජනතා පක්ෂයේ නායකයා එහිදී මෙසේද පැවසිය. 

 
''අපිට අවශ්‍ය අලුතින් හිතන පිරිසක්''
 
 
''අපි දේශපාලනයට එන්න හිටිය අය නෙමෙයි. ඔබටත් දේශපාලනය එපා වෙලා ඇති. අපි කවුරුත් සම්ප්‍රධායික දේශපාලනයේ හිටපු අය නෙමෙයි. විශ්ව විද්‍යාලයේ මගේ මිතුරා අමින් දන්නවා ඒක පැහැදිලිවම. අප නොසිටින්න එදා අප සටන් නොකරන්නට කොළඹ විශ්වවිද්‍යාලයට යාඥා කාමරයක් අදටත් වෙන් නොවන්නට තිබුනා.

අපිට සම්ප්‍රධායික දේශපාලනයේ පැහැදිලි වෙනසක් කිරීමට අවශ්‍යයි. මොකද්ද මේ වෙනස, මේ වෙනස තමයි අලුතින් හිතමු කියන වෙනස. ඒ කියන්නේ මෙතෙක් කලක් ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු අර පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහිලා රනිල් මහත්තයාගේ කුස්සියේ වලන් හෝදන සංස්කෘතිය අවසන් කරමු කියන එකයි අපි මේ කියන්නේ.

අපිට අවශ්‍ය අලුතින් හිතන පිරිසක් මේ රටේ දේශපාලන කරන යුගයක් බිහි කිරීමටයි. ගමේ ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා හැන්දෑවට හාමු මහත්තයගේ කුස්සියට රිංගන දේශපාලකයෝ නෙමෙයි අපට ඕන. එහෙම සම්ප්‍රදායික එහෙයියන්ගේ දේශපාලන කෙරුවාව නිසා තමයි ඔබ අද දුක් විඳින්නේ. අපට අවශ්‍ය අලුතින් හිතන මිනිස්සු එක්ක එකතු වෙලා ඔබේ ජීවිතය වඩාත් සුවපහසු ජිවිතයක් බවට පත් කරන්න. ඔබට සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා  සභ්‍යත්ව රාජ්‍යය සංකල්පය තුලින් ජාතිකත්වයෙන් සියල්ලන් එක්ව බැඳුනු රටක් මගින් ව්‍යවසායකත්ව රජයක් බිහිකර ගත යුතු බව අපි විශ්වාස කරන්නේ ඒ නිසා''



සර්වජන බලයේ පළමු කෙටුම්පත ජුනි 27 ජනතාවට


සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජුනි 27 වනදා ජනතාවට ඉදිරිපත් කරන බව ද මව්බිම ජනතා පක්ෂයේ නායක, දිලිත් ජයවීර අම්පාර සමුළුවේදී පැවසිය.

ඒ පිළිබඳව ජනතා අදහස් ලබාගැනීමෙන් පසු එහි දෙවැනි කෙටුම්පත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

"අපි යම් දිනයක මැතිවරණයට ඉදිරිපත් වන්නේද, එදිනට පෙර ඔබට ඔබගේ ඒ අදහස් ඇතුළත් වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස දින වකවානු එක්ක..." දිලිත් ජයවීර වැඩිදුරටත් පැවසිය.

මෙම සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න, නියෝජ්‍ය සභාපතිනී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවර අනුරාධා යහම්පත්, විධායක සභික පුත්තලම හිටපු උප නගරාධිපති නීතිඥ A.W.S. අමීන් සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපති, අම්පාර නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී S.T.චාමර නිලංක, ගණකාධිකාරී, ව්‍යවසායක උපාලි ජයසේකර, ව්‍යවසායක කෝබී, ප්‍රවීන ව්‍යාපාර අධ්‍යයන දේශක, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු ආචාර්ය, වර්තමානයේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ කටයුතු කරනු ලබන ව්‍යාපාරික මධුශංක මල්ලවආරච්චි ඇතුළු මව්බිම ජනතා පක්ෂයට සහය දක්වන අම්පාර දිස්ත්‍රික් ජනතාව සහභාගී වී සිටියහ.


MJP
MJP1
 
 

.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්