රුසියානු හමුදාවට බැඳී යුද බිමට ගිය ශ්‍රී ලාංකික සෙබළුන් 500ක් පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහ කරන අතරවාරයේ, තවත් දහසක පමණ පිරිසක් දිගටම යුද බිමේ රැඳී සිටින බව විශ්වාස කෙරෙනවා. 


ඒ අතරින් සමහරෙක් drone operator හෝ කාලතුවක්කු භටයින් ලෙසින් යුද බිමේ සාපේක්ෂව තරමක් ආරක්ෂිත මෙහෙයුම්වල දී සිටින අතර එවැනි ඇතැමුන්ගේ අභිලාශය කෙසේ හෝ වසරක කොන්ත්‍රාත්තුව අවසන් කොට රුසියාවේ පුරවැසිභාවය ලබාගැනීම. 

ඔවුන් පවසන්නේ හමුදාවෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ලැබෙන රුපියල් 45,000ක් තරම් සොච්චම් වැටුපකින් සිය දරු පවුල් නඩත්තු කළ නොහැකි බව. ඒ නිසා කිසියම් ලෙසකින් තමන්ට ජීවිතය අහිමි වුවත් දරුවන්ගේ හෝ අනාගතය සුරක්ෂිත වනු ඇති ඔවුන් විශ්වාස කරනවා. 

මේ, රුසියානු හමුදාවට බැඳී සටන් බිමේදී බරපතල තුවාල ලැබුවත් යළිත් ශ්‍රී ලංකාවට යාමේ බලාපොරෝත්තුවක් නැති බව කියන එවැනි එක් විශ්‍රාමික සොල්දාදුවකුගේ කතාවක්. 

ඔහු පවසන පරිදි ඔහුගේ ජීවිතය බේරාගෙන තිබෙන්නේ රුසියානු සෙබළුන් දෙදෙනෙක්. 

Sandeshaya by Saroj නාලිකාව වෙනුවෙන් 

(සරෝජ් පතිරණ )
බීබීසී ලෝක සේවයේ හිටපු සම්පාදක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්