The Leader News
BREAKING
Top Ad
පුවත්

බිලියන 25ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන් !

T

The Leader Desk

May 15, 2026 • 7:28 AM

බිලියන 25ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී අප්‍රේල් මාසයේ දින තුනක් හැර අනෙක් සියලුම ගනුදෙනු දිනවලදී මෙම විදේශ ආයෝජන පිටතට ගලා යෑම් වාර්තා වී ඇත.
  • ඒ අනුව අප්‍රේල් මාසයෙන් අවසන් වූ වසරේ මුල් මාස හතර තුළදී පිටතට ගලා ගිය ශුද්ධ විදේශ ආයෝජන වටිනාකම රුපියල් බිලියන 25.13ක් වන බව කොටස් තැ‍රැව්කාර සමාගමක් වන 'ඇම්බියොන් සිකුරිටිස් සමාගම' පවසයි.
  • අප්‍රේල් මාසයේ සඳහා වන කොළඹ කොටස් හුවමාරුවේ කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සමාගම මෙම කරුණු සඳහන් කරයි.
  • මෙම වාර්තාවට අනුව අප්‍රේල් මාසයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 6.78කින් ඉහළ ගොස් ඇති අතර 'ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්' ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 5.65කින් ඉහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහිදී අප්‍රේල් මාසයේ දින තුනක් හැර අනෙක් සියලුම ගනුදෙනු දිනවලදී මෙම විදේශ ආයෝජන පිටතට ගලා යෑම් වාර්තා වී ඇත.

ඒ අනුව අප්‍රේල් මාසයෙන් අවසන් වූ වසරේ මුල් මාස හතර තුළදී පිටතට ගලා ගිය ශුද්ධ විදේශ ආයෝජන වටිනාකම රුපියල් බිලියන 25.13ක් වන බව කොටස් තැ‍රැව්කාර සමාගමක් වන 'ඇම්බියොන් සිකුරිටිස් සමාගම' පවසයි.

අප්‍රේල් මාසයේ සඳහා වන කොළඹ කොටස් හුවමාරුවේ කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සමාගම මෙම කරුණු සඳහන් කරයි.

මෙම වාර්තාවට අනුව අප්‍රේල් මාසයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 6.78කින් ඉහළ ගොස් ඇති අතර 'ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්' ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 5.65කින් ඉහළ ගොස් තිබේ.

එසේම අප්‍රේල් මාසය තුළදී වාර්තා වූ දෛනික පිරිවැටුමේ සාමාන්‍ය රුපියල් මිලියන 365 ක් ලෙස සටහන්ව ඇති අතර එය මාර්තු මාසයේ වාර්තා කළ රුපියල් මිලියන 476 සැසදීමේදී සියයට 22ක පසුබැසීමක් බවත් 'ඇම්බියොන් සිකියුරිටීස්' පවසයි.

කෙසේවුවද බිලියන 25ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ, මෙය කොටස් වෙළෙඳපොළෙන් විදෙස් ආයෝජන ඉවත් කිරීමක් නොව, 'Rebuilding Sri Lanka' අරමුදල සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මගින් රුපියල් මිලියන 25ක (රු. 25,000,000) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමක් බවයි. මෙම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දිමුතු අබේසේකර විසින් ලබා දී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

(මුලාශ්‍රය - ලංකාදීප FT) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...