ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන්

සංවාදයක් මතුව තිබේ. ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

ඒ අනුව, කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කළ හැකි ආකාරය පිළිබදව සොයා බලා, විද්‍යාත්මක නිර්දේශ ඉක්මනින් ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඊයේ (අප්‍රේල් 02) පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ එකග වී ඇත.

මෙම රැස්වීමට මුස්ලිම් දේශපාලන නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, ඒ. එච්. එම්. ෆවුසි, මුජුබර් රහුමාන්, ෆයිසර් මුස්තාපා සහ අලි සහීර් මවුලානා ද සහභාගී වී ඇති අතර, කොරෝනා රෝගයෙන් යමෙකු අනපේක්ෂිත ලෙස මියගිය විට එම රෝගියාගේ පවුලේ ආදරණීයන්ට ඉතිරිව ඇත්තේ එම දේහයට ආගමානුකූලව සුදුසු ගෞරව දැක්වීම පමණක් බවත්, විද්‍යානුකූල පදනමක් මත එය කළ හැකි ආකාරය සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසත් යෝජනා වී ඇත.

එම යෝජනාවට අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති අතර, ඉක්මනින් එම කමිටුව පත් කර, අවශ්‍ය නිර්දේශ ලබා ගන්නා බවද මුස්ලිම් නියෝජිතයන්ට ඔහු සහතික වී ඇත.  

 

වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්!

මේ අතර, එම දේහයන් භූමදානය කිරීමේදී කොන්ක්‍රීට් වලින් එම වලවල් වටේට ආවරණය කොට, පාංශුගත ජල උල්පත් වලට අප ද්‍රව්‍ය බැහැර වීම වළක්වාලන යෝජනාවක් මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් විසින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට  යෝජනා කර ඇත.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වියදම් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා ගත හැකි බවද එකී නියෝජිතයන් පෙන්වා දී ඇත.

මෙම ඉල්ලීම ක්‍රියාත්මක කළ හැකිද යන්න සම්බන්ධයෙන් ඉක්මනින් අධ්‍යයනය කිරීමට මූලික එකගතාවක් ඇති වී තිබේ.

 

කොවිඩ්-19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය :

 Turf war undermines COVID-19 fight - Wed, April 1 2020 - The ...

කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ.

එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි.

කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ ඥාතීන්ට සමු දීමටවත් ඉඩක් නොතබාය.

වෛරසය ආසාදනය වී මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් අවමංගල්‍යය උත්සව නොපැවැත්වෙන පසුබිමක සොවින් බර ඥාතීන් එමගින් තවත් කම්පනයට පත් විය හැක. ඇතැම් විට එම කම්පනය ජීවිත කාලය පුරා ම පැවතිය හැක. ඒ අවසන් ගමන් යන සමීපතමයෙකුගේ දේහයට නිසි ගරුබුහුමන් දැක්වීම ඕනෑ ම ජන වර්ගයක අධ්‍යාත්මය හා බැඳී පවතින්නක් බැවිනි.

සංස්කෘතික හා ආගමික චාරිත්‍රවලට සංවේදී වෙමින් මළ ගිය ඇත්තන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ගත හැකි උපරිම පියවර ගන්නා අතරේ කොරෝනාවෛරසය වැනි වසංගත රෝගයක් පැතිර යාම වැළැක්වීම සඳහා ඉන් මරණයට පත් වූවන්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු නිසි ප්‍රමිතියකට අනුව සිදු කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට ඇතැම් රටවල් කටයුතු කර තිබේ.

 

ඒ ඒ ප්‍රජාවන්ට අනන්‍ය වූ අවමංගල්‍ය චාරිත්‍රවලට බලපෑමක් එල්ල වී ඇත:

එවැනි සෞඛ්‍යාරක්ෂිත පියවර හේතුවෙන් ලොව ඒ ඒ ප්‍රජාවන්ට අනන්‍ය වූ වසර සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් පුරා පැවත ආ අවමංගල්‍ය චාරිත්‍රවලට බලපෑමක් එල්ල වී ඇත. එම තත්ත්වය ඉදිරි සති කිහිපය හෝ ඇතැම් විට මාස ගණනක් දක්වා පැවතීමට ද ඉඩ ඇත.

ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ, මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය. සිය ආගමික විශ්වාසයට අනුව යමින් එකී රෝගියාගේ දේහය භූමදානය කිරීමට අවසර ලබා නොදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බව එහි සඳහන් විණි.

 

 

එකී සටහන විවේචනයට ලක් කරමින් අදහස් දක්වා තිබූ බහුතරයකගේ මතය වී තිබුණේ මේ මොහොතේ ආගමික විශ්වාසයන් පසෙක තබා පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවය.

Fathima 2020

කොරෝනාවෛරසය පැතිර යාම සඳහා ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර පමණක් නොව පිරිත් පැන් ඉසීම, දේව මෙහෙයන් සහ පූජා වැනි සියලු ම ආකාරයේ ආගමික වත්පිළිවෙත් නවතා දැමිය යුතු බවට ද ඒ අතර අදහස් ඉදිරිපත් වී තිබිණි.

 Facebook හි කාරිමඩිත්තේ කළ පළකිරීම: කරුණාකර දැන් ඔවුන්ට ඉඩ දී 
ඔ⁣බේ විජ්ජාවන් පසුව පෙන්න ගන්න.

කෙසේ නමුත් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම සහ ඒ හා සම්බන්ධ රෝගීන්ගේ මෘත දේහ ආරක්‍ෂිත ලෙස කළමනාකරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලොව රටවල් 182 ක් සාමාජිකත්වය දරන ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව ඉන් මරණයට පත් රෝගියෙකුගේ දේහය ආදාහනය හෝ භූමදානය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශයි:

 

මෘත දේහය සූදානම් කිරීමේදී:

# මෘත ශරීරය සූදානම් කරන (උදා: දේහය සෝදන, හිසකෙස් සකසන, නිය කපන, හෝ රැවුල කපන) සෞඛ්‍ය සේවා හෝ මෘත ශරීරාගාර කාර්යමණ්ඩල සේවකයන් සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE: අත්වැසුම්, වරක් භාවිත කර ඉවත දමන ආරක්‍ෂිත ගවුම්, වෛද්‍ය මුහුණු ආවරණ, අක්ෂි ආවරණ) පැළඳිය යුතුය.

# පවුලේ ඥාතීන්ට දේහය ස්පර්ශ නොකර එය දැක ගැනීමට පමණක් අවශ්‍ය නම් දෑත් පිරිසිදුව තබා ගැනීම ක්‍රමවේද ඇතුළු සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් (සෑම විට ම) එසේ කළ හැක. දේශය ස්පර්ශ නොකරන ලෙස හෝ සිප නොගන්නා ලෙස ඥාතීන්ට පැහැදිලි ලෙස උපදෙස් ලබා දෙන්න.

#  අනවශ්‍ය ලෙස දේහය අතපත ගෑම වළකාලීම සඳහා එම්බාම් කිරීම නිර්දේශ නොකරයි.

# අවුරුදු 60 ට වැඩි සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දේහය අසල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු:

භූමදානය හෝ ආදාහනය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

# ඒ ඒ රට හෝ පළාත අනුව දේහය රැගෙන යන සහ සූදානම් කරන ආකාරය සම්බන්ධයෙන් දී ඇති නියෝග පිළිබඳ සහතික කර ගන්න.

# චාරිත්‍ර අනුව දේහය භූමදානය සඳහා සූදානම් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට එය දැක ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් දේහය ස්පර්ශ කිරීමෙන් හෝ සිප ගැනීමෙන් වැළකී සිටිය යුතුය. දේහය දැක බලා ගැනීමෙන් පසු ඔවුන් සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.

# දේහය මිහිදන් කිරීමේදී හෝ ආදාහනය කිරීමේදී එය තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන පුද්ගලයන් අත්වැසුම් පැළඳිය යුතු අතර අවසන් කටයුතු නිමවීමෙන් පසු ඒවා ඉවත් කර සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත (පිටු අංක 25).

එකී මාර්ගෝපදේශ අනුව කෝවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ දේහය ආදාහනය කළ යුතුය.

ඒ අනුව:

    # අධිකරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවේ.

    # දේහය රැගෙන යාම සහ සූදානම් කිරීමේ කටයුතු අවම මට්ටමක පවත්වා ගත යුතුය.

    # රෝහල් ගොඩනැගිල්ලේ කලින් නියම කළ ස්ථානයකදී සමීප ඥාතියෙකුට/ ඥාතීන්ට දේහය දැක බලා ගත හැක.

    # එම්බාම් කිරීම/මරණ පරීක්ෂණ නොමැත. සිරුර නිවසට රැගෙන යා නොහැක.

    # සිරුරු බහාලීමට යොදා ගනු ලබන බෑගයක සිරුර තැන්පත් කර සීල් (මුද්‍රා) තැබිය යුතුය.

    # සීල් තැබීමෙන් පසු දේහය දැක බලා ගැනීමට හැකියාවක් නොමැත.

    # දේහය රැගෙන යාම සඳහා අවමංගල්‍ය සේවකයෙකු විසින් සීල් තැබූ බෑගය සහිත දේහය මිනී පෙට්ටියක තැන්පත්             කළ යුතුය (මිනී පෙට්ටියත් සීල් තැබීම උචිතය).

    # දේහය පැය 24 ක් ඇතුළත ආදාහනය කළ යුතුය (පැය 12 ක් වඩාත් උචිතය).

මේ විවාදය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී නොමැති බවය.

ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු පියවර දේශීය සෞඛ්‍ය සේවා විසින් තීරණය කර ගනු ලැබ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(උපුටා ගැනීම් - සුනෙත් පෙරේරා බීබීසී සිංහල)

(ජායාරූප අන්තර්ජාලයෙනි)

 

සබැඳි පුවත් :

''මියගිය රෝගීන් ආදාහනය පමණක් කළ යුතු බව කීම කොවිඩ්-19 ගැන මිථ්‍යාවක්'' -අනිද්දා  

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි 

##########################

Covid add 4

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්