ජීවිත ආරක්ෂාව නොතකා තම සේවාව ලබා දීමට හෙද සේවාවට මේ මොහොතේ සිදුව ඇති අතර එය හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ දහම බව රජයේ හෙද නිලධාරීන්ගේ
සංගමයේ සභාපතිවරයා පවසයි.
ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන කෝවිඩි වෛරසයෙන් ජනතාව මුදා ගැනීමේ සත්කාර වල මෙරට හෙද හෙදියන් මැනවින් රාජකාරි ඉටු කරමින් සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ මැයි 12 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
"උපකරණ නැ, මාස්ක් එකක් නෑ, ගොගල්ස් නෑ, ඇදුමක් නෑ, එහෙම නැත්නම් බුට් එකක් නෑ කියලා කිසිම රාජකාරියක් ප්‍රතික්ෂේප කරපු තැනක් අපිට වාර්තා වෙන් නෑ. අමාරුවෙන් උනත් මේ සියලු රාජකාරි කරමින් ඉන්නවා."
"ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනියගේ අදහසට අනුව, එයා කියපු දහම අනුව, තමන්ගේ ජීවිතය නැති උනත් ලෝකයේ ජනතාව වෙනුවෙන්, අපේ රටේ විදිහට ගත්තොත් රටේ ජනතාව වෙනුවෙන් සත්කාර සේවාව දෙන එක ප්‍රතිකාර සේවාව දෙන එක තමයි හෙද සේවාවේ කාර්ය භාරය"
"ෆ්ලෝරන්ස් නයිටිංගේල්
ලෝකයට හෙදකම දායාද කළ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ට ගෞරවය පුද කිරීමක් ලෙස, ඇයගේ උපන් දිනය යෙදී ඇති මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, 1899 දී පිහිටවූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනූවයි.
විධිමත් හෙද සේවාවක් ආරම්භ වීමෙන් පසු 1939 වසරේ සිට ශ්‍රී ලංකාව ද, හෙද දිනය සමරනු ලැබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මන්ත්‍රී සමන් රත්නප්‍රිය පෙන්වා දෙන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2020 වසර නම් කර ඇත්තේ ද, හෙද සහ පවුල් සෞඛ්‍ය සේවක වසර ලෙසයි.
මේ වසරේ හෙද දිනයේ තේමාව වන්නේ, "පුළුල් පරාසයක සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් හෙද නිලධාරීන් අභියෝගාත්මකව මැදිහත් විය යුතුය " යන්නයි.
''හෙද සේවාවට අදාල අවම පහසුකම් ටිකවත් දෙන්න''
ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන කෝවිඩි වෛරසයෙන් ජනතාව මුදා ගැනීමේ සත්කාර වල මෙරට හෙද සේවකයන් මැනවින් රාජකාරි ඉටු කරමින් සිටින බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ කිසිදු අවස්ථාවක සේවය වර්ජනය කල බවක් වාර්තා නොවන බවයි.
කුමන අඩුපාඩු පැවතියත් ජනතාව රෝගී තත්වයෙන් මුදාවාගැනීම හෙද සේවාවේ වගකීම බව අවධාරණය කරන වෘත්තීය සමිති නායකයා සියලු හෙද සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ෆොරන්ස් නයිටිංගේල් ගේ අඩි පාරේ යමින් ජනතාවත් රටත් මුදවාගන්නා ලෙසයි.
" ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකරලා අමාරුවෙන් වැඩ කරන හෙද සේවාවට අදාල පහසුකම් ටික දෙන්න. යම් වරප්‍රසාදයක් දිය යුතුයි කියලා ඔබ විශ්වාසකරනවානම් ඒක දීලා රටේ ජනතාව මුදවාගන්න කියලා" සමන් රත්නප්‍රිය වැඩි දුරටත් සදහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට 36000 ක් පමණ වූ හෙද හෙදියන් සිය රාජකාරියේ යෙදී සිටි.






