leader s





තමන් තනතුරින් ඉවත් වූයේ විශ්වාස භංග යෝජනාවට බියේ නොවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ "අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති කිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින හෙයින්" එවැන්නක් වළක්වා ගැනීම සඳහා තමන් තනතුරින් ඉවත් වූ බවය.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශ කළේ බීබීසී සිංහල සේවය සමඟ ෆේස්බුක් ඔස්සේ පැවති සජීවී සාකච්ඡාවක දීය.

ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සහභාගී වූ පළමු සජීවී සාකච්ඡාව මෙයයි.

තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ජාතිවාදී කල්ලියක ගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව ඔහු පැවසීය.

තමන්ට පවතින චෝදනා කිසිවක් මේ වන තෙක් ඔප්පු වී නොමැති බව ඔහු අවධාරණය කරයි.


විශාල ධන සම්භාරයක්?


ඔහු තවදුරටත් කියා සිටියේ විල්පත්තුව පිළිබඳව තමන්ට චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ද සිටින බවය.

අයි එස් අන්තවාදය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා තම සහයෝගය උපරිමයෙන් ලබා දෙන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"අපේ මුස්ලිම් නායකයන් බුද්ධි අංශයටත් තොරතුරු දීල තියෙනවා. ඒත් මේ ප්‍රහාරය නවත්ත ගන්න බැරි උනා." රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා පැවසීය.

තමන් විශාල ධන සම්භාරයක් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනා පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ සෑම වසරකම තමන් ගේ ආදායම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ය.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් තමන්ට වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ ඇයිදැ'යි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් උතුරු නැගෙනහිර එක් කිරීමට එරෙහිව පෙනී සිටින අතර ජාතිවාදය පැතිරීමෙන් වැළකී සිටින සිටින බවය.

(බීබීසී සිංහල සේවය)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්